ඉතිහාසයම කණපිට පෙරළු සිම්බාබ්වේ පෙරළිය

June 30, 2017 | 7:06 pm    0   192

ඉතිහාසයම කණපිට පෙරළු සිම්බාබ්වේ පෙරළිය

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කර කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තාකිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (30) සමත්විය. ඒ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදිය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව් රටේදී සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.

එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 316 ක් රැස් කළේය. සිම්බාබ්වේ වැනි කණ්ඩායමකට එරෙහිව තරගයක් ජය ගැනීමට එම ලකුණු ප්‍රමාණය හොදටම ප්‍රමාණවත්ය.

එනමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණඩායම ඉතිහාසයම කණපිට පෙරලමින් පන්දුවාර 47 දී කඩුලු 4ක් පමණක් බිඳවැටී ජයග්‍රාහී ඉලක්කය සම්පුර්ණ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුයේ කුමක්දැයි සිත ගැනීමටවත් නොහැකි පරිද්දෙනි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස්කල එස්.එෆ්. මිරේ පන්දු 96 කදී ලකුණු 112 ක් ලබාගැනීමට සමත්විය. සිම්බාබ්වේ කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් සියලුදෙනාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැටදුන්නේ අනුකම්පා විරහිත අයුරිනි.

මේ අනුව ශ්‍රී ලංකා කණඩායම කබලෙන් ලිපට වැටි ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. ශුරයන්ගේ කුසලානයේදී ප්‍රබල ඉන්දියාව එංගලන්තයේදී පරාජය කල ශ්‍රී ලංකාවට සිය මව් රටේදී සිම්බාබ්වේට පරාජයට පත්වීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද?

ශ්‍රී ලංකා නායකයා ඇතුළු තේරීම් කමිටුවට දැන් හිතනන්නවා නම් හිතන්නට බොහෝ දේ ඇත.

ශ්‍රී ලංකාව – පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 316

(කුසල් මෙන්ඩිස් 86, උපුල් තරංග 79*, චතාරා 2/49 )

සිම්බාබ්වේ – පන්දුවාර 47.4 කදී කඩුලු 4 කට ලකුණු 322

(මිරේ 112, ශිකන්ඩර් රාසා 67*, විලියම්ස් 65, අසේල ගුණරත්න 2/45)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: