ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් වූ ඕම් පුරි දිවිගමන නිම කරයි

January 6, 2017 | 2:01 pm    0   608

ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් වූ ඕම් පුරි දිවිගමන නිම කරයි

ඉන්දියානු සිනමාවේ ප්දැවැන්ත චරිතයක් වුනු ඕම් පුරි මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68ක්. අද අලුයම නිදා සිටි ඇඳ මතම ඔහු මියගොස් ඇත්තේ මුම්බායි නුවර පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ හෘදයාබාධයක් හේතුවෙන්.

80 දශකයේ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වුනු ඔහු Jewel in the crown නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනී නාට්‍යමාලාවකටද රංගනයෙන් දායක වූ අතර City of joy නම් ජාත්‍යන්තරය ජයගත් සිනමා නිර්මානයකටද සම්බන්ද විය. එහි රංගනය වෙනුවෙන් 2004 වසරේදී බ්‍රිතාන්‍යයෙන් සම්මානයක්ද හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: