ඉනිම් 12කදී කෝලිව දවාගන්නට නම්…

July 26, 2017 | 10:53 am    0   450

ඉනිම් 12කදී කෝලිව දවාගන්නට නම්…

පූර්ණ තරගාවලියක් වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3ක් එක්දින තරග 5ක් හා එක් විස්සයි – විස්ස තරගයකින් සමන්විත වේ. පළමු එක්දින තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ විය. 

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඉන්දියාව පළමුව පන්දුවට පහර දේ.

ශ්‍රී ලංකා සංචාරයට අදාළව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමට මුරලි විජේ මුලින් ඇතුළත් කර තිබුණ ද ඔහු ආබාධයකට ලක්වීම නිසා ඒ වෙනුවට ෂිකර් ධවාන් කණ්ඩාමයට කැඳවා ඇත.

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත්, ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කරගතහොත් ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ශේ‍ර්ණිගතකිරීම්හි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් හිමිවේ.

තරගාවලිය 1-1 ක් ලෙස අවසන් වුවහොත් දැනට 6 වැනි ස්ථානයේ සිටින පාකිස්ථානය අභිබවා ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට පත්වේ.
තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට ශේ‍ර්ණිගතකිරීම්හි ස්ථාන දෙකක් ඉදිරියට ඒමට අවස්ථාව හිමිවේ. එපමණක් නොව එසේ වුවහොත් ඉන්දියාවට ප්‍රසාද ලකුණු 7ක් අහිමිවන බැවින් ඔවුන් දෙවැනි ස්ථානයට ඇද වැටීම ද සිදුවේ..

කෙසේ වුවද ශ්‍රී ලංකාව තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු කිසිවක් අඩු නොවන අතර 2-0ක් ලෙස පරාජයට පත්වුවහොත් එක ලකුණක් ද, 3-0ක් ලෙස පරාජයට පත්වුවහොත් ශේ‍ර්ණිගත ලකුණු 2ක් ද අඩුවේ.

ඉන්දියාව තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තද ඔවුනට එකතුවන්නේ ප්‍රසාද ලකුණු 2ක් පමණි. මීට අමතරව ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවද ශ්‍රී ලංකාවේ ශේ‍ර්ණිගතකිරීම්හි වෙනසක් සිදුනොවේ.

මේ අනුව ටෙස්ට් ශේ‍ර්ණිගතකිරීම්හි ඉහළට යාමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් හිමිවී තිබුණ ද වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ හිණිපෙත්තේ සිටින ඉන්දියාව පරාජය කිරීමට නම් ඉන්දීය නායක විරාත් කෝලිව 12 වතාවක් දවාලීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. ඒ ටෙස්ට් ඉනිම් 6කදි එක්දින ඉනිම් 5කදි සහ විස්සයි විස්ස තරගයකදීය. එයින්ම තරගාවලියේ බරපතලකම අපට වටහාගත හැකිය. විරාත් කෝලිව කෙසේ හෝ දවාගත්තද, ඔහු වැනිම කිහිපදෙනෙකුම ඉන්දියාවේ සිටින බැවින් අපේ තරම දැනගෙන අප තරගාවලියට මුහුණදෙන්නේ නම් මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපට එතරම් අසීරු නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ නව නායකයින් දෙදෙනාට මෙය එතරම් අභියෝගයක් නොවන්නේ ඔවුන්ගේ පරිණතභාවයෙන් ශ්‍රී ලංකාවේදී තරග ජයගැනීමේ කලාව මෙම තරුණ නායකයන් දෙ‍ෙදාම හොඳින් ප්‍රගුණ කර ඇති නිසාවෙනි.

විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් වෙනුවට අද තරගය මෙහෙයවනු ලබන රංගන හේරත් ඉන්දියාවට ඇති ප්‍රබලතම තර්ජනයයි. ගාල්ලේදී දෙරට අතර ටෙස්ට් තරඟ 4ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 3ක් ජයගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි.

සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: