ඉරාජ්ගෙන් පරණ “ආශාවරී” වෙනුවට අලුත් කෙනෙක්

January 5, 2017 | 3:30 pm    0   1501

ඉරාජ්ගෙන් පරණ “ආශාවරී” වෙනුවට අලුත් කෙනෙක්

පසුගිය දිනවල අතිශය ජනප්‍රියත්වයට පත් කල්පන නයනමධුගේ “ආශාවරී” ගීතය Iraj Production එකක් විදියට අද{05} දින අන්තර්ජාලයට මුදා හැරීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතිනවා කියලා තමයි කල්පන, ඇපල් අපිට කිව්වේ. කැලුම් ශ්‍රීමාලගේ අපූරු පද රචනයකට පසන් ලියනගේ විසින් තනු නිර්මාණය කල මෙම ගීතයට නැවත වතාවක් සංගීතය නිර්මාණය කළ ඉරාජ් වීරරත්න මේ වෙද්දී ගීතයේ නිර්මාණ අධ්‍යක්ෂක වරයා විදියට කටයුතු කරනවා. ඒ සම්බන්දයෙන් ඔවුන් විටින් විට facebook ගිණුම්වල පලකල පණිවුඩ ගණනාවක්ද පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනා. කෙසේ වෙතත් බොහෝ දෙනා ආදරය කල ඒ පරණ “ආශාවරී” වෙනුවට අලුත් ආශාවරී කෙනෙක් දැක බලා ගන්න තව සුළු මොහොතකින් ඔබට හැකියාව ලැබේවි.

සටහන – රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: