ඊළඟ පුහුණුකරුවා මයියා ද? ගුරා ද?

June 20, 2017 | 11:06 am    0   157

ඊළඟ පුහුණුකරුවා මයියා ද? ගුරා ද?

By Editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත්කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වේ. ඒ ග්‍රැහැම් ෆෝර්ඩ් මහතාගේ නිල කාලය ජුනි මාසයෙන් අවසන්වීමත් සමග ඇතිවන ප්‍රධාන පුහුණුකරුගේ පුරප්පාඩුව වෙනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් ඒ මහතා සමඟ මේ සම්බන්යෙදන් සාකච්චා කර ඇති අතර තාමත් ඒ පිළිබඳ  අවසන් එකගතාවයකට පැමිණ නොමැති බවත් වාර්තාවේ. මහේල ජයවර්ධන මහතා මෙවර IPL ශුරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ අතර, එම ජයග්‍රහණයෙන් පසු බොහෝ ක්‍රිකට් විචාරකයින් මහේල ජයවර්ධනගේ පුහුණුකරු භූමිකාව පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් යුතුව කතාබහ කරනු දැකගත හැකිවිය.

එම නිසාවෙන්ම ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇත. ඔහු මිට පෙර එංගලන්ත ජාතික කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසද කටයුතු කර ඇත.

නිමාවූ ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා සිය බඩු බාහිරදියත් රැගෙන මවුරට වෙත ගිය බව මාධ්‍ය මගින් වාර්තා විය. ඔහුගේ හදිසි නික්මයාමෙන් අනතුරුව 2019 ලෝක කුසලානය වෙනුවෙන් ජාතික කණ්ඩායම සුදානම් කිරීමේ අරමුණෙන් මහේලගේ සේවය ලබාගැනීම කෙරෙහි ක්‍රිකට් ආයතනය උනුන්දු වී ඇත.

එළඹෙන සිම්බාබ්වේ සංචාරය වනවිටත් මෙම සාකච්චා අවසන් වී තීරණයක් ගැනීමට නොහැකිවුවහොත් එම සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංග ගුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: