උතුරට යළි කළු කොඩි

April 27, 2017 | 1:00 pm    0   143

උතුරට යළි කළු කොඩි

උතුරු හා නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම හේතුවෙන් අද(27) එම පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.

උතුරු මහඇමති සී. වී. විග්නේශ්වරන් සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කරන ලද අතර මේ වන විටත් උතුරු හා නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතන වෙතට හර්තාලයට සහය වන මෙන් දැනුම් දී ඇත.

උතුරු, නැගෙනහිර පළාත්හි දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මාස දෙකකට වැඩි කාලයක් සිය අතුරුදහන්වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියද මෙතෙක් වත්මන් ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු නොලැබීම හේතුවෙන් පූර්ණ හර්තාලයක් සිදු කිරීම සඳහා සහය වන්නයි උතුරු, නැනෙහිර වෙළඳ සංගම් වෙත දැනුම් දී ඇත.

කෙසේ වුවද හර්තාලයට වවුනියාවේ වෙළඳ සංගම් කිහිපයක් වෙළඳසැල් වැසීමට නොහැකි බවද කියයි.

එළඹෙන 27 වනදා උතුරු නැගෙනහිර ක්‍රියාත්මක කිරීමට සැරසෙන පූරණ හර්තාලය හේතුවෙන් සිය වෙළඳාම් කටයුතුවලට බාධා සිදු වන බැවින් වෙළඳසැල් වැසීමට නොහැකි බවට වවුනියාවේ වෙළඳ සංගම් කිහිපයක් දැනුම් දී ඇත.

අදාල වෙළඳ සංගම් කියා සිටින්නේ හර්තාලය වෙනුවෙන් තමන්ගේ සහය ලබා දෙන නමුත් සිය වෙළඳසැල් අද වසා දමන්නේ නම් දින පහක කාලයක් එනම් මැයි දෙවනදා දක්වාම වෙළඳම් කටයුතු සිදු කිරීමට නොහැකි වීමෙන් තමන් ගැටලු කිහිපයකට මුහුණ පා සිටින බව යි.

සිය ව්‍යාපාර ස්ථානවල සේවය කරන සේවකයින් අද දින සේවය නොකිරීමෙන් පසුව ඊට පසු දින සතියේ දිනක් වුවද නොපැමිණෙන අතර පසුව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනයන් මෙන්ම මැයි පළමුවෙනිදාට යෙදෙන නිවාඩු දිනත් නොඑන බැවින් සිය ව්‍යාපාර කටයුතුවලට දැඩි බාධාවක් වන බැවින් සිය වෙළඳසැල් අද වසා දැමීමට නොහැකි බව දැනුම් දී ඇත.

මේ අතර වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ සංගමයේ සභාපතිනි කාසිපිල්ලෙයි ජෙයවදිනි කියා සිටියේ උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන්හි වෙළඳසැල් වසා හර්තාලයක් සිදු වන බැවින් වවුනියාවේද කෙසේ හෝ හර්තාලය සිදු කරන බව යි.

By Wanni Romesh

Pics : Shivanthi Fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: