උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක් ජපන් මුහුදට

April 6, 2017 | 5:53 pm    0   188

උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක් ජපන් මුහුදට

උතුරු කොරියාව සින්පෝ වරායේ සිට ජපාන මුහුදට බැලිස්ටික් මිසයිලයක් එල්ල කළ බව ඇමෙරිකාව ස දකුණු කොරියාව ප්‍රකාශ කරයි. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ එය කිලෝ මීටර් 60ක් පමණ ගමන් කළ බවයි. මෙය උථුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමේ වැඩසටහනේ නවතම අත්හදා බැලීම ලෙස ඔවුන් වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින්පින්ග් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හමු වන දවසේ පසවරුවේ දී මෙම අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදු කර ඇත.

එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ මිසයිල අත්හදා බැලීම් තහනම් කර ඇති අතර ඔවුන් නැවත වරක් එම තහනම නොසළකා හැර තිබේ. මේ පිළිබඳව තවත් අදහස් දැක්වීම් අවශ්‍ය නැතැයි ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: