උතුරේ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක්

March 9, 2017 | 12:00 pm    0   335

උතුරේ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක්

උතුරු පළාතෙන් ඒ එච් වන් – එන් වන් හෙවත් (AH1 – N1) ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැක කෙරෙන රෝගීන් හාරසීයක් පමණ මේ වන විට හමු වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය පී. සත්‍යලිංගම් පැවසීය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර කිලිනොච්චිය රෝහලේ දැනට නේවාසික රෝගීන් සංඛ්‍යාව 244ක් බවත් ඉන් 80 දෙනෙකු ගර්භණී මවුවරුන් වන බවත් හෙතම පැවසීය.

මෙම රෝගීන්ගේ රුධිර සාම්පල හා සෙම කොටස් කොළඹට යවා සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී නියත වශයෙන්ම 37 දෙනෙකුට AH1 – N1 වෛරසය ශරීර ගත වී ඇති බවට වාර්තා ලැබී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනට කොළඹින් ලැබුණු නිගමන වාර්තාවලට අනුව 65දෙනෙකුට පමණ නියත වශයෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී ඇති බව ප්‍රකාශ කළ උතුරු පළාත් සෞඛ්‍ය ඇමතිවරයා උතුරු පළාතේ කිසිදු රෝහලකදී එම වෛරසය පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් නිශ්චිත වශයෙන් රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීමට නොහැකි බවද පැවසීය.

උතුරු ප්‍රදේශය පුරා මෙම රෝගය පැතිර යන බවට ආරංචි වීමත් සමගම අති විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙමින් සිටින බවත් එම සංඛ්‍යාව දිනකට 1200ක් පමණ වන නිසා රෝහල් කාර්ය මණ්ඩලවලට රෝගීන් පිළිබදව කටයුතු කිරීමට ඉතා අසීරු තත්ත්වයක් උද්ගතව ඇති බවත් හෙතම කියා සිටියේය.

උතුරේ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: