“උදුලා”

සිල් බිඳි පාපෙට සමාව මට නැත

සසරෙන් වියකී යන දක්වා
මල් පිදු බෝධිය විරසක වී ඇත
සුළඟක්වත් නෑ අද දක්වා
පොල් ගෙඩියක් ගෙන කැත්තෙන් බිඳි විට දුටුයෙමි පැල පොල් පලු දක්වා
තල් පතකටවත් ලියන්න හැකිවෙද
ගබ්සාවක් අග මුල දක්වා

සුන්දර රතියට වහල් වුණා මම
නුඹේ උරුමේ අණ කෙරුව නිසා
ගින්දර තරමට පිච්චුණ එ දවස
තරමට ලොකු වී දැනුණ නිසා
මන්තර ජප කර නැටුවත් විගඩම උණුවතුරත් බඩ යටම නිසා
අන්දර වැට උඩ සුන්දර කොතැනද
විසකටු බිඟු රැල් බමන නිසා

තෙරක් නොපෙනෙනා සිත් සයුරේ අද සිටියත් කිමිදී අප ම නිසා
බරක් උනේ නෑ ඒ නිල් ඇස් දෙක
දේදුන්නක් යට සැඟව නිසා
වරක් නොවේ සිව් සැරයක් මතකයි සු පිරික්සුමෙනුත් බැලුව නිසා
හරක් වගේ අපි මරන්නේ කෝමද
උඹට දාව ඇති පණක් නිසා

තිස්සෙම හදවත ගැහෙන්නේ මේ හැටි කිමදැයි නො දනිමි ඉතිං අනේ
අස්සෙම ළැගගෙන කරගත් දේ ඇති අළුවෙන්නට මගේ දිවිය අනේ
පස්සෙම ගැලිගෙන ආ විට සිතුවෙමි
මමත් මවක් හෙට දිනය අනේ
කොස්සෙම රැඳෙනා දූ විල්ලක් බව
දැනගත්තෙමි පුතු මැරුව දිනේ

පහුරු ගාන ඒ වැලි තලාවකට
කාලයේ සුසුමන් එක් කරලා
අතුරු මිතුරු මට කිව් ඒ හිමි සඳ
ඇහුවේ කෝමැයි හරි කියලා
පතුරු ගැහෙන මේ ආත්මයෙන් ඔබ
ලේ ධාතුවටත් විණ කරලා
අකුරු මැකී ඇති කොළ ගැලවී ඇති
හිස් පිටුවකි මම උඹ උදුලා

පසක් කරන්නට බෑ මේ දුක්කඳ
අව නම්බුවට ම අද දීලා
පියෙක් නැතිව උප්පැන්නේ කෝමද
ලිය වෙන්නේ හිත වද දීලා
දුකක් උරුම කොට දෛවයේ හස්තෙන් අතුල් පහර හද මට දීලා
වටක් කරට ඇති ගිං ගං කොමළිට
දන් දුන්නා දිවි බහ දීලා

රචනය – කසුන් හර්ෂණ

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − twelve =