උදේට කි‍්‍රකට්, හවසට ෆුට්බෝල් ගැසූ බැල්ඩි

February 22, 2017 | 12:08 pm    0   603

උදේට කි‍්‍රකට්, හවසට ෆුට්බෝල් ගැසූ බැල්ඩි

පළමු පෙළ පාපන්දු හා කි‍්‍රකට් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයින් රුසක් වෙති.
එහෙත් පළමු පන්තියේ කි‍්‍රකට් තරගයකට සහභාගීවී එදිනම සවස පළමු පන්තියේ පාපන්දු තරගයකට ද ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයෙකු පිළිබඳව ජගත් ක‍්‍රීඩා ඉතිහාසයේම සඳහන් වන්නේ එක් වරක් පමණි.

මෙම අරුම පුදුම ක‍්‍රීඩකයා නම් එංගලන්ත ජාතික ජෝන් කි‍්‍රස්ටෝපර් බොල්ඩස්ටෝන්ය.

වසර 1940 නොවැම්බර් 16 වැනිදා යෝක්ෂයර් ප‍්‍රාන්තයේ හඩස්ෆීල්ඞ්හී උපත ලද මොහු පේ‍්‍රක්ෂකයින් හැඳින්වුයේ ‘බැල්ඩි’ යන ආදර නාමයෙනි.

බැල්ඩි යන ආදර නාමයෙන් හැඳින්වු කි‍්‍රස් ලෙස්ටර්ෂයර් හා ඩර්බිෂයර් කණ්ඩායම් අතර පැවති ප‍්‍රාන්ත ක‍්‍රිකට් අවසන් මහා තරගයේදී ලෙස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 51ක් රුස් කරමින් ලෙස්ටර්ෂයර් පිලට ජය ගෙන දුන්නේය.

ශූරතා කුසලානයෙන් මඳ වේලාවකට පසු තම මෝටර් රථයට නැගුණු කි‍්‍රස් පවණට බදුවු වේගයෙන් ඇදී ගියේ පාපන්දු පිටිය වෙතය.

සුදෝ සුදු ඇදුම් ඉවතලා ඇද ගත්තේ පාපන්දු ඇදුම්ය.

තරගය ජය පැරදුමින් තොරව නිම වුයේ “බැල්ඩි” යන නාමය ක‍්‍රීඩා ලෝකයේ අද්විතීය නාමයක් බවට පත් කරමිණි.

කි‍්‍රකට් පිටියේදී දකුණතින් පිත්ත හසුරවන වමතින් මඳ වේග පන්දු යවන කි‍්‍රස් යෝක්ෂයර් හා ලෙස්ටර්ෂයර් යන ප‍්‍රාන්තයන් වෙනුවෙන් පළමු පන්තියේ තරග 390 කට ක‍්‍රීඩා කරමින් ලකුණු 19,034 ක් රුස්කර ඇත.

එයට ශතක 32ක් හා අර්ධ ශතක 103 අන්තර්ගතව ඇති අතර එහිදී කඩුළු පහේ අවස්ථා 5ක් සමඟ කඩුළු 310ක් බිඳ හෙළීමට සමත්ව ඇත.

ඔහුට සහභාගී වීමට හැකිවුයේ ටෙස්ට් තරග දෙකකට පමණි.

එහිදී ඔහු පිත්තෙන් ලකුණු 39 හා පන්දුවෙන් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

කි‍්‍රස් පාපන්දු පිටියේද දක්ෂ ක‍්‍රීඩකයෙකි.හඩර්ස්ෆීල්ඞ්, කාර්ලිස්ල් යුනයිටඞ්, ඩොන්කැස්ටර් රෝවර්ස් හා ක්වීන්ස් ඔෆ් ද සවුත් යන ක‍්‍රීඩා සමාජ සඳහා මැද පෙළ ක‍්‍රීඩකයෙකු ලෙස මොහු ක‍්‍රීඩා කොට ඇත.

තරග 566 කදී ගෝල 93ක් රුස් කර ඇති මොහු (1958 – 1978) වසර 20ක කාලසීමාවක් පළමු පන්තියේ පාපන්දු ක‍්‍රීඩාවේ නිරත විය.

ක‍්‍රීඩා ඉතිහාසයේ අතිශය දුලබ වාර්තාවකට හිමිකම් කියු මොහු 59 හැවිරිදි වියේදී 2000 වර්ෂයේ මාර්තු 06 වැනිදා පිළිකා රෝගයෙන් මිය ගියේය.

තරිදු රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: