උපුල් තරංග ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා නොකළ කැපකිරීමක් කලා – සනත් ජයසුරිය

July 12, 2017 | 12:08 pm    0   257

උපුල් තරංග ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා නොකළ කැපකිරීමක් කලා – සනත් ජයසුරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස පත්වූ උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ මීට පෙර සිටි ජේෂ්ඨ සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා සිදුකිරීමට අකමැති වූ කැපකිරීම් පවා සිදු කල බව තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය මහතා පැවසිය. ඒ අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

විශේෂයෙන්ම උපුල් තරංග පිතිකරණ ලැයිස්තුවේ පහලින් ක්‍රීඩා කරමින් නවකයන්ට ඉහලින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදුන් බවත්, එය අනිකුත් ක්‍රීඩකයන්ට ඉතා හොඳ ආදර්ශයක් බවත් ජයසුරිය මහතා වැඩිදුරත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කලේ තවත් මේකට පෙරේතකමින් ඉඳල වැඩක් නොමැති බවත්, ඉදිරියේදී පත්වන නව නායකයන්ට ලෝක කුසලානය වෙනුවෙන් සුදානම් වීමට කාලය අවශ්‍ය බැවින් තමා මෙම තීරණයට එළඹී බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: