උමා ඔයට එරෙහිව තාමත් විරෝධතා

June 28, 2017 | 3:12 pm    0   162

උමා ඔයට එරෙහිව තාමත් විරෝධතා

උමා ඔය ව්‍යාප්තියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද උදැසන ආරම්භ වූ විරෝධතාව මේ වනවිටත් ක්‍රියාත්මක බව වාර්තා වේ. බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩ සාප්පු වසා දමමින් හර්තාලයක් ලෙස මෙම විරෝධතාවය පැවැත්වේ.

බණ්ඩාරවෙල- හිල්ඔය, බණ්ඩාරවෙල – බදුල්ල, බණ්ඩාරවෙල – ඇටම්පිටිය සහ බණ්ඩාරවෙල- දියතලාව මාර්ග ඔස්සේ විරෝධතාකරුවන් බණ්ඩාරවෙල මාර්ගයට පැමිණෙමින් සිටියි. මෙම විරෝධතා හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ බස් රථ ධාවනය ඇනහිට ඇති බැවින් මගී ප්‍රවාහන කටයුතු වලට ද බාධා පැමිණ ඇති බව ද වාර්තාවේ.

මෙම ගැටලුව පිළිබඳ අද (28) පවතී කැබිනට් රැස්වීමේදී මද්යවෙදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ උමා ඔය ගැටලුවට විසදුම් සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටුවට පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර සහ විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන්ගෙන් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: