ඌරණී කණිෂ්ඨ විද්‍යාලය වසර 30 කට පසු යලිත් යාපනයේ දරුවන්ට

September 5, 2017 | 9:27 am    0   418

ඌරණී කණිෂ්ඨ විද්‍යාලය වසර 30 කට පසු යලිත් යාපනයේ දරුවන්ට

යාපනයේ ඌරණී කණිෂ්ඨ විද්‍යාලය වසර 30 කට පසු යළි සිවිල් ජනතා අයිතියට පත්කර ඇත. ආරක්ෂක හේතුන් මත පසුගිය වසර ගණනාවක් එම භුමිය ආරක්ෂක හමුදාව යටතේ තිබිණි. 

ඌරණී ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපනය නාගා සිටූවිම වෙනුවෙන් ඊයේ (04) දිනයේදී මෙලෙස එම විද්‍යාලය යළි සිවිල් අයිතියට පත්කර ඇත්තේ පර්චස් 39.1ක භුමි භාගයක් සමඟිනි.

මෙලෙස ලබාදුන් භුමිය තුළ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමටද නියමිතය.

යාපනය අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 51 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් මර්වින් පෙරේරා, ජපානයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: