එංගලන්තයේදී සංගාගෙන් තවත් සුපිරි ශතකයක්.. (වීඩියෝ සහිතයි)

එංගලන්ත පළමුපෙල සිව්දින තරඟාවලියේදී සුපිරි ශතකයක් රැස්කිරීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්ව තිබේ. ඔහු මේ වනවිට තරඟාවලියේ ඉනිම් 12ක් තුළ ශතක 7ක් රැස්කර ඇත්තේ සරේ කණ්ඩායම නියෝජනය කරමිනි.

ඔහු එහිදී පන්දු 187ක් තුළ ලකුණු 164ක් රැස්කර ඇත්තේ යෝක්ෂයර් ප්‍රාන්ත කන්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරඟයේදීය. සංගක්කාර සිය ඉනිම හතරේ පහරවල් 21න් වර්ණවත් කිරීමට සමත්වී ඇත.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 592ක් රැස් කළඅතර පිළිතරු ඉනිම ක්‍රීඩා කරන යෝක්ෂයර් කණ්ඩායම කඩුලු 2කට ලකුණු 219 ක් ලබා සිටී.

මෙවර තරඟාවලියෙන් අනතුරුව පළමු පෙළ ක්‍රිකට් වලින්ද සමුගැනීමට සංගක්කාර තීරණය කොට ඇත.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + one =