එක්සත් ජාතික පෙරමුණෙන් සුළු පක්ෂ යන්නේ නැහැ- ඇමති පලනි දිගම්බරන්

එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි තිගාම්බරම් මහතා පැවසිය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අඹේවල පිහිටි හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාව නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

” මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඉදලා කියනවා ආණ්ඩුව අද ගන්නව හෙට ගන්නවා කියලා.. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කියනවා.. ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා බොහොම ඉක්මණට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා..  අපි කියන්නේ පුළුවන්නම් කරන්න කියලා.. එක්සත් ජාතික පෙරමූණේ 105 ක් ඉන්නවා.. අපි කවදාවත් යන්නේ නෑ.. ඒ වගේම සුළු පක්ෂ කට්ටිය කවදාවත් යන්නෙත් නෑ.. ඉතිං කොහමද ආණ්ඩුව මාරු කරන්නේ.. කව්රුත් බය වෙන්න එපා 2020 වෙනකම් මේ ආණ්ඩුව යනවා.. අපි අමාත්‍යාංශ බාරගෙන කෙළින් වැඩ කරනවා..  ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 1 =