(එම්.එස්.ඩී) 200 දෙනෙකු අප්‍රේල් මස මුල සිට පොලිසිවලට මාරු

ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ(එම්.එස්.ඩී) නිසි රාජකාරියක් නොමැතිව කාළය ගතකරන නිළධාරීන් පන්සියයක පමණ දෙනාගෙන් 200 දෙනෙකු අප්‍රේල් මස මුල සිට විවිධ පොලිස් ස්ථානවලට ‍ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.
ඉදිරියේදි තවත් එවැනිම නිළධාරීන් 100කට පමණ ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25කට වඩා අධික කාළයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අයවලුන් සිටිති. මෙසේ රාජකාරියක් නොමැතිව කාළය ගතකරන නිළධාරීන් ස්ථාන මාරුකිරීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා දැනට විවිධ පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී සිදුකරන තරුණ නිලධාරීන් ඇමති ආරක්ෂක අංශයට බඳවාගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරමින් ඒ සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද එම ආරංඡිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිළධාරීන් 1300ක් පමණ සේවයේ නිරතව සිටීති.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =