ඒ.ජා.ප. යේ පරාජය ගැන තිස්ස අත්තනායක කියන කතාව

February 19, 2018 | 8:21 am    0   482

ඒ.ජා.ප. යේ පරාජය ගැන තිස්ස අත්තනායක කියන කතාව

ලේකම්තුමා මැච් එක දිනුම්ද පරාදද?
මං ඉතින් පේ‍්‍රක්ෂකයෙක්නේ. බලාගෙන හිටි එක තමයි කළේ. මේ මැතිවරණයේදී මම නිදහස් පුද්ගලයෙක්. නමුත් මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. එක්සත් ජාතික පක්ෂය ලෙස ගත්තොත් මේක අති දැවැන්තම පරාජයක්. මම හිතුවෙත් මේ මැතිවරණයේදී කරට කර ඉතා උණුසුම් ප‍්‍රතිඵලයක් දැක ගන්න. ඒත් අවාසනාවකට ජනතා කැමැත්ත ඉතාම පුදුමාකාරයි.

එජාප හිටපු මහ ලේකම් විදියට මොකක්ද මේ පරාජයට හේතුව?
පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තය හිතාගෙන හිටියේ එකට ඉ`දලා දෙකට බෙදුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි එකිනෙකාට සමාන වන ආකාරයෙන් ඡුන්ද ලබා ගනීවි එතකොට එජාපයට මේ ජයග‍්‍රහණය පහසුවෙන්ම ලබාගන්න පුළුවන් වේවි කියලා. මේ අවතක්සේරුව ඉතාම භයානකයි. අපිත් හිතුව එහෙම වෙයි කියලා. නමුත් ජනතාව තීරණය කරනව මේ පාලකයන්ව ප‍්‍රතික්ෂේප කළ යුතුයි කියලා.

මේ පරාජයත් එක්ක බහුතරයක් දෙනා කෝ තිස්ස. එයා හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ. තිස්ස අත්තනායක තමයි මේක ඇදගෙන ආවේ කියලා හොයන්න පටන් ගත්තා ඔබව. ඇත්තටම තිස්ස අත්තනායක හිටිය නම් යූ.එන්.පී. එක ගොඩ දාන්න පුළුවන්කමක් තිබුණද?
තිස්ස අත්තනායක මහ ලේකම් වෙලා ඉන්නකොට කොහොමද මැතිවරණ මෙහෙයෙව්වේ කියලා පාක්ෂිකයන්, අපේ ආසන සංවිධායකවරුන්, ප‍්‍රාදේශීය නායකයන් සහ ජාතික නායකයන් දන්නවා. අපි මැතිවරණ පැරදුණා. හැබැයි අපි ඡුන්ද පැරදුණේ විපක්ෂයේ ඉ`දගෙන. විශාල ප‍්‍රතිවාදී බලවේග එක්ක හැප්පෙමින් අපි ජයග‍්‍රහණය කරන්න උත්සාහ කළේ. එතකොට ඔය කොයි කවුරුත් දන්නවා තිස්ස අත්තනායක කියන මහ ලේකම්වරයාට මේ ස`දහා වැඩපිළිවෙළක් තිබුණා. දත්ත එකතු කිරීම, ඉලක්ක හ`දුනා ගැනීම, ඉලක්කගත වී ඉලක්ක සපුරගන්නා ආකාරය විශ්ලේෂණය කිරීම, සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කරමින් දිනෙන් දින ශක්තිමත්වීම, ඇගයීම් කිරීම මේ වගේ විශාල යාන්ත‍්‍රණයක් එක්ක තමයි මම මැතිවරණ වැඩපිළිවෙළ සකස් කළේ. නමුත් මෙවර මැතිවරණයේ ඒ කිසිම දෙයක් කෙරුණේ නැහැ.
මෙයාල මොනවද කළේ පත්තරවලයි රුපවාහිනී ආයතනවලයි රුපියල් බිලියන ගණනක ඇඞ් දැම්මා ”අපි යූඑන්පී එක නිසා එන්න ඡුන්ද පොළට ඡුන්දේ දාන්න කියලා. මොනවද මේ? මේ නිකන්ම නිකන් පුහු ආටෝප ව්‍යාපාරයක්. මේවා පොළොවේ පැළ කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයින් වැටිලා හිටි මානසික තත්ත්වය, ඔවුන්ගේ අවශ්‍යතා මේ කිසිදෙයක් දිහා පක්ෂ නායකත්වය ඇහැක් ඇරලා බැලූවේ නෑ. අගමැතිවරයා හෙලිකොප්ටරෙන් ගියාට ජනතාව සුඛිත මුදිත වෙන්නේ නැහැ. නමුත් මෙවර මැතිවරණයේ තිබුණේ මේ පුහු අටෝප විතරමයි. මේ කාරණා නිසා සියල්ලන් ඉන්නේ කලකිරීමෙන් පක්ෂය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබුණේ නැහැ. පාක්ෂිකයෝ විතරක් නෙමෙයි අපේ ඡුන්දපොළ සංවිධායකවරු, ආසන සංවිධායකවරු, අපේ සන්නිවේදන බළකාය, වෘත්තීය සමිති, යොවුන් සමිති, කාන්තා සමිති සියල්ල ඇදගෙන වැටිලයි තිබුණේ. ඔවුන්ව ඡුන්ද පොළට ගේන්න උද්යෝගිමත් කරන්න කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඉතින් කොහොමද ඡුන්ද දිනන්නේ.

ව්‍යාජ සමීක්ෂණ වාර්තා සැපයුවා කියල කියවෙනවා? ඔබ ඉන්න කාලෙත් එහෙම ද? කවුද ඕක කරන්නේ?
අපි කරන දේ හරියට කරපු මිනිස්සු. හැබැයි අපේ කාලෙත් අද වගේම බොරු වාර්තාකාරයෝ හිටියා. මම දන්නවා මෙවර මැතිවරණයට කලිනුත් ඉංග‍්‍රීසියෙන් හදපු බොරු සමීක්ෂණ වාර්තා ගෙනැල්ල රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අතට දීලා තියනවා පක්ෂයම ඔය මොනිටරින් කරන කට්ටිය. එයාල ආචාර්යවරු මහාචාර්යවරු. එයාල දීපු ලණුව රනිල් වික‍්‍රමසිංහ කෑවා. මම හැදුව නම් සමික්ෂණ වාර්තා හදන්නේ අඩුපාඩු හදාගන්න මිසක් වහල හංගන්න නෙමෙයි. මේ ආණ්ඩු බලය තියාගෙන කරන මැතිවරණයක්නේ. මං හිටිය නම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ කියල මං පැහැදිලිවම කියනවා.

එන්න තිස්ස අපි එකට වැඩ කරමු පක්ෂය ගොඩගමු කියලා ඔබට අගමැතිවරයා කතා කළේ නැද්ද?
අගමැති වුණාට පස්සේ එහෙම කිසිම ආරාධනාවක් කළේ නැහැ. හැබැයි මම අගමැතිවරයාට කතා කරලා තිබෙනවා දෙතුන් වරක්. ඒ උපන්දිනයට සුබ පතන්න. ඒක සාමාන්‍යයෙන් මම හැමදාම කරන දෙයක්. එතුමත් අමනාපයක් නැතුව ෆෝන් එකට එනවා.

අමනාපයක් නැත්නම් කතා නොකරන්නේ ඇයි?
අවුරුදු තිහකට වැඩි කාලයක් ඔහුත් එක්ක වැඩ කරලා තියනවා ඔහුට දුෂ්කරම අවධියේ ඔහුගේ ළ`ගින්ම හිටිය කෙනා මම. ඔහුට හිටිය විශ්වාසවන්තම කෙනත් මම. රනිල් වික‍්‍රමසිංහ මහත්තයට නායකත්වය නැතිවෙන්න ගිය හැම අවස්ථාවකම එයාව බේරගත්තේ මම. එක මම බය නැතුව කියනවා මොකද 2009, 2010, 2011, 2012 කියන අවුරුදු හතර රනිල් වික‍්‍රමසිංහ ගමන් කළේ කම්බියක. ඒ අවදානමෙන් ගිය ගමන සුරක්ෂිත කළේ තිස්ස අත්තනායක කිව්වොත් ඒක කෑවත් අනිත් පැත්ත හරවන්න බැහැ. මොකද මුළු රටම දන්නවා එක.

ඉතින් ඔය කොච්චර කළා කළා කිව්වත් ඔබ පක්ෂයෙන් දොට්ට දානවනේ?
ඔව් ඒක තමයි එක්සත් ජාතික පක්ෂය කළ ලොකුම වැරැුද්ද. මට පක්ෂේ ගැන හිත් වේදනාවක් තරහවක් නෑ. මට තියෙන දුක මට පක්ෂය ජයග‍්‍රහණය කරවන්න අවස්ථාවක් නොලැබුණු එක.
ජනාධිපතිවරණය වෙලාවේ පැහැදිලි නිවැරදි කතාවක් කිව්වා. ඒත් ඒක ගොඩක් අය නිවැරදිව තේරුම් ගත්තේ නැහැ. හැබැයි අද කියනවා මං කිව්ව ඒක හරි කියලා. මොකද්ද මම එදා කිව්වේ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. සන්ධානයක් ගොඩනගද්දී එකේ නායකත්වය හිමිවිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානවල ඉ`දලා තිබෙනවා. එහි පූර්වාදර්ශය තමයි ඒ විශාල පක්ෂයේ නායකත්වය සන්ධානයට ලබාදීම. එතකොට ඒ පක්ෂයේ නියෝජිතයෙක් තමයි පොදු අපේක්ෂකයා වෙන්නේ. ඒ පදනම මත ඉඳගෙන තමයි මම කිව්වේ මේ ජනාධිපතිවරණයේ අපේ සන්ධානයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකුට හිමි විය යුතුයි කියන එක.
විශේෂයෙන්ම මම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම ප‍්‍රසිද්ධියේම සඳහන් කරමින් එතුමත් ඉස්සරහම සිරිකොත රැුස්වීමේදී කිව්වා මේ මැතිවරණයට එජාප නියෝජිතයෙක් නායකත්වයට පත් කරන්න නැත්නම් එජාපයට නැවත ගොඩ එන්න තැනක් නැතිව යනවා කියලා. ඒ විතරක් නෙමෙයි මම කිව්වා මෛතී‍්‍රපාල සිරිසේන මහතා කවදා හෝ එක්සත් ජාතික පක්ෂය දිය කර හරිනවා එක අනිවාර්යයි කියලා. ඒක මම ලියලත් දුන්නා.

දැන් ඒක නෙමෙයිද සිද්ධ වෙලා තියෙන්නේ? එදා මම එහෙම කිව්වම මාව ද්‍රෝහියෙක් කියල මඩ ගහල මාව එළියට දැම්මා. දැන් කොහොමද මම වැරදිද? රනිල් වික‍්‍රමසිංහ මහතා එදත් මේ දේ තේරුම් ගත්තේ නැහැ. මං කිසිම ආකාරයකට විශ්වාස කරන්නේ නැහැ එයා අදත් ඒ දේ තේරුම් ගනී කියල. තේරුම් ගත්තත් වෙනස් වෙන්නේ නැහැ.

ඔය කියන විදියට රනිල් වික‍්‍රමසිංහ එජාපයේ තමන්ගේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඒකාධිපති පාලනයකට පක්ෂයේ මහජන නියෝජිතයින් යටත් කරගත් පුද්ගලයෙක්. ඔහු ද මේ පරාජයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු?

මට මේ ටික කියන්න හරිම කණගාටුයි. මොකද කාලයක් ඒ මගේ නායකයනේ. ඔහු 1994 දිවංගත ගාමිණී දිසානායක මහතාගේ අභාවයත්, විජේතුංග ජනාධිපතිවරයාගේ ඉවත්වීමත් හරහා පක්ෂයට නායකත්වය දෙන්න ආවේ. 94 ඉ`දන් අවුරුදු 24ක් ඔහු නායකත්වය දීල තියනවා එතකොට. ඔය කාලේ අගමැතිවරයා වෙලා හිටිය තමයි නමුත් එජාපය කොහෙද හිටියේ? වැඩි පුරම විපක්ෂයේ හිටියේ. එතකොට මීට කලින් හිටි නායකයෝ ඞී.එස්. හැදුව පක්ෂේ කෙටි කාලෙකින් අගමැති බවට පත්වුණා. ඩඞ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන, පේ‍්‍රමදාස මේ නායකයෝ කෙටි කාලෙකින් අවුරුදු දහයක් වගේ ඇතුළත පක්ෂය දිනවලා රටත් දිනෙව්වා.
නමුත් අදටත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට බැරි වුණා පක්ෂයට ජයග‍්‍රහණයක් අත්කරලා දෙන්න. අද වුණත් ආණ්ඩුවක් තිබුණා කියලා මිනිස්සු සන්තෝසෙන් නෙමෙයිනේ ඉන්නේ. මං කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්. අඩුම ගානේ ගත්ත ආණ්ඩුවවත් ර`දවා ගන්න ඔහුට බැහැ. එතකොට විශාල දුර්වලකමක්නේ.
මම විශ්වාස කරනවා මේ පරාජයට හේතුව මේක. නායකයා හැටියට පහළ මට්ටමේ ජනතාව සහ ඔවුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවන් සහ මානසික පීඩනය තේරුම් නොගැනීම සහ ගණනකට නොගැනීම.

එජාපයේ මහ ලේකම් ධුරය නැවත ගන්න ලෑස්තිද? දැන් දුන්නොත් දැන් ගන්නවද?
පක්ෂයේ පහළ මට්ටමින් සහ මන්ත‍්‍රීවරුන්ගෙන් දැවැන්ත ඉල්ලීමක් තිබෙනවා. එන්න ගන්න මේක කරන්න පක්ෂය ගොඩදාගන්න උදව්වෙන්න කියල. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට ඒකට තවම උවමනාවක් තිබෙනවා කියල මට දැනිලා නැහැ. ඒ වගේම මට ආයේම පක්ෂෙට යන්න නම් පක්ෂයේ දැවැන්ත වෙනසක් සිද්ධ වෙන්න ඕන මුහුණත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕන.

යූ.එන්.පී. එකේ ඉන්නේ උද්ධච්ච ආඩම්බරකාරයෝ. පරාජය පිළිඅරන් හැදෙන්න අකැමැති මිනිස්සු පිළිගන්නවද? මම දැක්ක සමහරු සියයට 51 නෑනේ කියනවා. ඒක මහා බොරු තර්කයක් ආයතනවලින් සියයට 72ක් මහින්ද රාජපක්ෂ දිනලා. ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන අපි පරාදයි. අපි අතින් වුණු අඩුපාඩු වැරදීම් මොනවද කොහොමද ඒවා හදාගන්නේ ඕකයි කරන්න ඕන. නැතුව තර්ක විතර්ක් කරලා අයෙත් දිනන්න බැහැ. මමත් ඔහොම කළා.. අපේ පාක්ෂිකයන් ධෛර්යමත් කරන්න. නමුත් මේ වෙලාවේ එහෙම බොරු තර්ක ගෙන එක නෙමෙයි වැඬේ.

මේ වසර අවසානය වෙනකොට පළාත් සභා මැතිවරණය එනවා. එජාපයට මොකද වෙන්නේ?
මේ මුහුණුවර වෙනස් නොකරන්නේ නම් ඔය ඡුන්දෙදී එක්සත් ජාතික පක්ෂය නන්නත්තාරෙටම පරදිනවා. ඒක වෙනස් කරන්න බැහැ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එජාපයෙන් කවුද ඉන්නේ?
මගේ ගණනය කිරීම් අනුව 2019 නොවැම්බර් 08ත් දෙසැම්බර් 08ත් අතර ජනාධිපතිවරණය තියනවා. ඒකට පොදු අපේක්ෂකයෙක් දාලා මග අරින්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන් එජාපයෙන් කෙනෙක් දාන්න වෙනවා. ඒ දාන කෙනා කවුරු වුණත් ඒ මනුස්සයට අඩුම ගාණේ අවුරුදු එකහමාරක්වත් තියෙන්න ඕන ගොඩ නැගෙන්න. එහෙම වැඩපිළිවෙළක් නෑනේ. සියල්ල හිර කරලා තියෙන්නේ. ඉතින් විරුද්ධ පාර්ශ්වයට බන්දේසියක දාලා මෙන්න කියල දෙයි ජයග‍්‍රහණය. ඒ කියන්නේ අවුරුදු 30ක් එජාපයෙන් මේ රටට ජනාධිපති කෙනෙක් බිහිවෙලා නෑ කියන එක.

ඔබ මුහුණත කියල භාවිත කරන වචනයට මම රනිල් වික‍්‍රමසිංහ කියල භාවිත කරනවා. එතකොට ඔබ ඔය කියන මුහුණත ඉවත් කරලා පක්ෂය ගොඩගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලයක් නැද්ද?
කවුරු හරි මුල් වෙලා එළවන්න කලින් නායකයෙක්ගේ යුතුකම තමයි පාක්ෂිකයන්ට හිස නමා ආචාර කරලා එතැනින් ඉවත් වෙන එක. එහෙම තත්ත්වෙකට යන එක කොයි තරම් කණගාටුදායකද? ඒ වගේම එහෙම කරන්න පුළුවන් විරෝධය පළ කරන පිරිසක් ඉන්නවා පක්ෂයේ. නමුත් ඒ අයට නැගී හිටින්න හයියක් නැහැ.
බලෙන් එළවන්නත් සමහරු කැමති නැහැ. මොකද පුද්ගලික වාසි ලබන පිරිසක් ඉන්නවනේ ඔතන. කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් වැඩි බලයක් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට. ඉතින් එහෙම ලොකු තීරණවලට එන්න ඕකේ ඉන්න නියෝජිතයින්ට හැකියාවක් නැහැ.

ඔබට හිතෙන්නේ නැද්ද පොහොට්ටුව ලබපු ජයග‍්‍රහණය ඔය කියන තරම් මහ ලොකු ජයග‍්‍රහණයක් නෙමෙයි කියල?
කොහෙත්ම නැහැ. අපි එහෙම හිතුව නම් තමයි අපිට වරදින්නේ. බලන්න සිතියමක් අරන් කොහොමද ඔවුන් ලංකාව වහගෙන ගිහින් තියෙන්නේ කියල.

එජාපය ජාතිකත්වයට ලබා දුන් තැන අනුව මේ පරාජයට දැඩි බලපෑමක් සිද්ධ වුණා. ඔබ පක්ෂයේ හිටපු මහ ලේකම්, කොහොමද මොකක්ද එ් පිළිබඳ තිබෙන මතය දකින්නේ?
කවුරු කොහොම තර්ක ගෙනාවත් මොන මොනවා කිව්වත් මේ රටේ මැතිවරණයකදී ප‍්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල කරන කරුණක් තමයි ජාතිකත්වය. එක පිළිගන්නම වෙනවා. එක්සත් ජාතික පක්ෂයට එහෙම එකක් තිබුණ කියල පෙනෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු හිතනවා මහින්ද රාජපක්ෂ කියන්නේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් ඉන්න ජාතික සංකේතයක් කියල. මං මහින්ද රාජපක්ෂ උස්සල තියන්න කියන එකක් නෙමෙයි මේ. මේක මේ රටේ මිනිස්සු කියන සහ හිතන පතන දෙයක්.
මේක කොයි තරම් ප‍්‍රබල ද බලන්න මහරගම මෝටර් බයිසිකලේ, අනුරාධපුර නයාට. එතකොට බදුල්ලේ තව එකකට, මහියංගනේ තව එකකට මේවා පොහොට්ටුව නෙමෙයි වෙන වෙන ලකුණු. නමුත් ඒවා පරාද නැහැ. දිනුම් කොහොමද දිනුවේ මහින්ද රාජපක්ෂ කියන නමට මිනිස්සු ඡුන්දේ දුන්නේ.
ඕකයි කියන්නේ නායකයා ප‍්‍රබල විය යුතුයි. ජනහදවතේ ලැගුම්ගත යුතුයි. ජනතාවට ඇහුම්කන් දිය යුතුයි. අනිත් එක තමයි රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් එජාපයට මිනිස්සුන්ගේ හිතේ කළු ලප තිබෙනවා. මිනිස්සු කැමැති නැහැ ඒ වැඬේට.

මොනවා වුණත් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය ඇදගෙන ඇදගෙන හරි එනවා කියලා පෙනෙන්නට තිබෙනවා. ඔහු තව කොච්චර කලක් ඉදීද ඔහුගෙන් පස්සේ කාටද මේක භාරගන්න පුළුවන් ශක්තිය තිබෙන්නේ?
ඉදිරි ජනධිපතිවරණයෙන් පස්සේ නම් ඔහුට කොහොමත් මේකේ ඉන්න ලැබෙන්නේ නැහැ. යන්න සිද්ධ වෙනවමයි. ඔහු කරදරේකදී ඉබ්බා කට්ට ඇතුළට ඔළුව දාගෙන හැංගෙනවා වගේ සද්ද නැතුව ඉන්න හරි දක්ෂයි. ආයේ හෙමිහිට ඔළුව දාලා ගාණට ගමන යනවා. ඒකට තවත් දක්ෂයෝ නම් නැහැ. හැබැයි පාක්ෂිකයා අනාථයි.
මීළඟට එන්නේ කවුද කිව්වොත් ප‍්‍රශ්න තිබෙනවා. තාවකාලිකව හෝ කරු ජයසූරිය මහතාට අවස්ථාව දෙන්න ඕන. සජිත් පේ‍්‍රමදාස මහත්තයටත් මේ ජනාධිපතිවරණය මග හැරෙනවා නම් ආයේ චාන්ස් එකක් ලැබිල වැඩක් නැහැ. එතකොට ඔහුගේත් අනාගතය අවසන්. ඒ නිසා මේ මොහොත තීරණාත්මකයි එක්සත් ජාතික පක්ෂයට.

පාක්ෂිකයෝ අතර විශ්වාසයක් තිබුණා සිරස කියන්නේ අපේ චැනල් එක කියල නමුත් මේ මැතිවරණයේදී එජාපයට දැඩි අපහසුතාවට පත්කළා එම රූපවාහිනී නාළිකාව, මොකද්ද මේ ප‍්‍රශ්නේ?
සිරස මාධ්‍ය ජාලය හිමි කිලී රාජමහේන්ද්‍රන් සහ රනිල් වික‍්‍රමසිංහ කියන්නේ හො`දම යාළුවො දෙන්නෙක්. යම් මතභේදයක් නිසා ඔවුන් අමනාප වුණා. ඒ කලෙම සජිත් සහ රනිල් විශාල පරස්පර විරෝධතාවල හිටියා. ඒ නිසා එජාපය දෙකට බෙදෙන්න ගියා. නමුත් මම මැදිහත්වෙලා ඔවුන් දෙදෙනා එකම වේදිකාවට ගෙනල්ල සමගි කළා. ඒ වෙලාවේ එජාපය සහ කිලි මහාරාජා නැවත එකතු කරන්නත් මම කටයුතු කළා. නමුත් ඒ සමගිය නඩත්තු කරගෙන යාමට ඔවුන්ට බැරි වුණා. දන් වෛරක්කාරයන් වෙලා. සිරස ගහපු ගැහිල්ලට පක්ෂයේවත් පක්ෂ නායකයාවත් වැරදි හදාගත්තේ නැහැ. නමුත් පාක්ෂිකයින් පක්ෂය අතහැරියා.

එජාප තනි ආණ්ඩුව පක්ෂයේත් රටේත් අනාගතය කුමන ආකාරයකට භාරගනීද?
අනාගතය අ`දුරුයි. මොකද ජනතාව ප‍්‍රතික්ෂේප කරපු අය එජාපයට අරගෙන හදන ආණ්ඩුවෙන් මොනවද කරන්න පුළුවන්. පාක්ෂිකයන් අනාථ වෙන එක පමණයි සිද්ධ වෙන්නේ. සියල්ලට කලින් මුහුණුවර වෙනස් විය යුතුමයි. නැත්නම් කණගාටුයි.

සංවාදය – කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: