ඔබත් නිය ආලේපන ආලේප කරනවා නම් පැය 10 ට පසුව ඔබේ ශරීරයට සිදු වන්නේ මෙයයි.

March 31, 2017 | 4:00 pm    0   537

ඔබත් නිය ආලේපන ආලේප කරනවා නම් පැය 10 ට පසුව ඔබේ ශරීරයට සිදු වන්නේ මෙයයි.

 

අද සිටින සෑම කාන්තාවක්ම විලාසිතා වලට වැඩි ඇල්මක් දක්වනවා. මේ අතරින් කාන්තාවන් සියල්ලම වගේ සිදුකරන ක්‍රියාවක් තමයි නිය මත විවිධ පැහැයන් ආලේප කිරීම. නමුත් මේ නිය ආලේපන වර්ග මගින් ශරීරය මතුපිටට වඩා අභ්‍යන්තරයට හානි පමුණුවන බව මේ කාන්තාවන් දැනුවත් නෑ. මෙවන් නිෂ්පාදිත තුල අන්තර්ගත වන විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය විෂ වීම මගිනුයි ශරීරයට මේ අතුරු ආභාද සිදුවන්නේ.

නිය ආලේපන මගින් සිදුවන හානිය සම්පූර්ණ වශයෙන් දැනගන්න නම් මේ ඔබ ලිපිය කියවන්න.

මෑතකදී විවිධ වර්ගයේ ප්‍රසිද්ධ සන්නාම වලට අයත් නිය ආලේපන වර්ග දහයක් ගෙන එක්තරා පර්යේෂණයක් සිදුකර තිබෙනවා. මෙම පර්යේෂණයට කාන්තාවන් 24 දෙනෙක් භාවිතා කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහිදී මේ කාන්තාවන් නිය මත අලේප කරන වර්ණයන් මගින් මෙම නිෂ්පාදිතයේ ලේබලයේ සඳහන් නොවන ශරීරයට හානි වන විෂ රසායනික ද්‍රව්‍යක් සොයා ගෙන තිබෙනවා. නිය ආලේපන ආලේප කිරීමෙන් පැය 10 කටපසුව “ triphenyl phosphateonly ” ලෙස හඳුන්වන මේ රසායනික ද්‍රව්‍ය ශරීරයේ අන්තර්ගත වූ බව තමයි මේ පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ. නමුත් මේ පර්යේෂණයට එක්කර ගත් නිය ආලේපන වර්ග දෙකක පමණක් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවුණු බවටත් මෙහි සඳහන් වනවා.

වෙළඳපොලේ අලෙවි කිරීමට ඇති නිය ආලේපන වර්ග වලින් 20% ප්‍රතිශතයක වාගේ මේ හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවත් මෙය සෞඛ්‍යයට දැඩි ලෙස හානි දායක බවත් තමයි මේ පර්යේෂණ කණ්ඩායම විසින් අදහස් දක්වා ඇත්තේ.

මොනවද මේ “ triphenyl phosphate ” කියන්නේ ?

මේ හානිකර රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන හානිදායකම ක්‍රියාව වෙන්නේ මිනිස් අන්තරාසර්ග පද්ධතිය විනාශ කිරීමයි. මෙමගින් ශරීරයේ හෝමෝන සමතුලිත තාවයටත්, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියටත් ඒවගේම ශරීරයේ ප්‍රතිනිෂ්පාදනයට සහ වර්ධනයටත් හානි සිදුවනවා.

සෞඛ්‍යය සම්පන්න හෝමෝන සංවර්ධනයක් කියන්නේ ශරීරයේ වර්ධනයට උපකාර වන අමතර අංගයක්.

මේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය මගින් පහත දැක්වෙන සෞඛ්‍යය ගැටළු ඇති වනවා.

ස්නායු පටක වලට හානි සිදුවනවා

හෝමෝන වලට බලපෑම් සිදුවනවා

ශරීරයේ ප්‍රති නිෂ්පාදනයට බලපෑම් සිදුවනවා

සම කැසීම සම රතු වීම වැනි ආසාදන සමේ ඇතිවනවා

විවිධ ආසාත්මිකතා “ allergic ”ඇතිවනවා

නිය ආලේපන තුල අඩංගු වන වෙනත් හානිදායක සංයෝග

“ Formaldehyde ”

මෙම රසායනික ද්‍රව්‍ය පිළිකා කාරකයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම, මෙයට ජලයේ සහ වාතයේ අන්තර්ගත වන්නට පුළුවන්. මේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා ඇදුම, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්‍ෂණ ඇතිවනවා.“ Formaldehyde ” විෂ වීම නිසා නිදන්ගත රෝගී තත්වයන් පවා ඇති වන්නට පුළුවන්.

“ Toluene ”

මෙම රසායනික ද්‍රව්‍ය කුඩා දරුවන්ගේ ශරීරයේ වර්ධනය නොවන බවට සැලකුවත් ඇතැම් විද්‍යාඥයන් විසින් මේ රසායනික ද්‍රව්‍ය මව් කිරි තුලින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම, මේ රසායනික ද්‍රව්‍ය නිසා විවිධ පීඩා ඇතිවන්නට පුළුවන්.

රසායනික ද්‍රව්‍ය පිරි නිය ආලේපන වර්ග වෙනුවට ස්වභාවික ලෙස තැනූ නිෂ්පාදිතයන්.

ඇතැම් නිෂ්පාදන ආයතන මේ වනවිටත් මේ හානිදායක ක්‍රියාව ගැන සිතා විෂ රසායනික ද්‍රව්‍ය රහිත ආසාත්මිකතා, පිළිකා සහ හෝමෝන වල ගැටළු ඇති නොවන ස්වභාවික නිය ආලේපන වර්ග නිෂ්පාදනය කර තිබෙනවා.

ඒවා කිහිපයක්,

“ Honeybee Gardens ”

මේ නිය ආලේපන වර්ගය විවිධ පැහැයන් වලින් නිෂ්පාදනය කර තිබෙනවා. මෙය නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇත්තේ ජලය සහ ශරීරයට හිතකර වන රසායනික ද්‍රව්‍යයි. (ශරීරයට හානි පමුණුවන පිළිකා කාරක සංයෝග අඩංගු නොවේ)

“ Acquarella ”

මේ වර්ගයේ නිය ආලේපන වර්ගයෙන් විවිධ වර්ගයේ වර්ණ 50 ක් ඔබට තෝරාගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් ජලය යොදා මේවා නිෂ්පාදනය කර ඇති අතර රසදිය, “ formaldehyde ”, “ toluene ” සහ “ dibutyl phthalate ” වැනි අහිතකර සංයෝග වලින් තොර වනවා.

“ SpaRitual ”

මෙයත් විෂ රසායනික ද්‍රව්‍ය වලින් තොර වන තවත් එක් නිය ආලේපන වර්ගයක් වනවා.

“ Peacekeeper Cause-Metics ”

මේ වර්ගයත් නිෂ්පාදනය වී ඇත්තේ ආගන් තෙල් භාවිතයෙන් සහ රසායනික ද්‍රව්‍ය වලින් තොරවීමෙනුයි. මේ නිෂ්පාදිතය විසින් ඔබේ නිය මත තෙතමනයත් රැක දෙනවා.

මේ නිෂ්පාදිතයන් ඔබට අන්තර්ජාලයෙන් පවා ලෙහෙසියෙන්ම මිලදී ගන්නට පුළුවන්.

ඔබට සියයට සියයක්ම ස්වභාවික නිය ආලේපනයක් මරතොන්ඩි පත්‍ර භාවිතයෙන් නිවසේදීම සකස් කරගන්නටත් පුළුවන්.

මරතොන්ඩි පත්‍ර කිහිපයක් කොටාගෙන තේ කුඩු ස්වල්පයක් එයට එක්කර පත්තුවක් සේ නියපොතුවල වෙලා ගන්න. පැය භාගයක් පමණ ගිය පසු ඔබේ නිය වර්ණවත් වේවි.

නිය ආලේපන භාවිතා කිරීම අලංකාරවත් දෙයක් වුවත් ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයට එයභාවිතා කිරීම ඉතාමත් වටිනවා.

මේ පිළිබඳ ඔබේ අදහස් අප සමග බෙදා ගන්න.

පරිවර්තනය| සසිඳු චතුරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: