ඔබේ සෞඛ්‍යය තත්වය ගැන ඔබේ දිවෙන් කියවෙන දේ…

April 21, 2017 | 9:00 am    0   266

ඔබේ සෞඛ්‍යය තත්වය ගැන ඔබේ දිවෙන් කියවෙන දේ…

සෑම පුද්ගලයෙකුගේම දිව ඒ පුද්ගලයාටම ආවේනිකයි. දිව මගින් ශරීර සෞඛ්‍යය පිළිබඳව විවිධ දෑ දැනගන්නට පුළුවන්. සාම්ප්‍රදායික චීන වෛද්‍ය  විද්‍යාවට අනුව දිවේ වර්ණය, දිවේ මැලියම් බැදීම, දිවේ හැඩය සහ ස්වභාවය අනුව විවිධ සෞඛ්‍යය තොරතුරු දැනගන්නට පුළුවන්.

අද මේ ලිපිය මගින් ඔබට ගෙන එන්නේ මෙවන් විශේෂ වූ සෞඛ්‍යය තොරතුරු  කිහිපයක් දිවේ ස්වභාවය අනුව දැනගන්නා ආකාරයයි.

සාමාන්‍ය ආකාරයේ සෞඛ්‍යය සම්පන්න දිවක් නම් එය රෝස පැහැයෙන් යුක්ත වන අතර දිව මතත ද සුදු පැහැති මැලියම් තට්ටුවක් අන්තර්ගත වනවා. ඒ වගේම, දිවේ ප්‍රමාණය මුඛයට සමානුපාතික ප්‍රමාණයක් ගනු ලබනවා.

ඉතින්, ඔබේ දිව මගිනුත් ඔබේ සෞඛ්‍යය තත්වය පිළිබඳව පැවසෙන දෑ කුමක්ද කියාඅපි දැන්බලමු.

දිවෙහි වර්ණය

දිවෙහි වර්ණය රතු පැහැ වීම මගින් ශරීරයේ ඇති උෂ්ණත්වය පෙන්වනවා. උණ ගැනීම නිසාත් හෝමෝන වල සිදුවන අසමතුලිත තාවයන් නිසාත් ශරීර උෂ්ණත්වය වැඩි වන්නට පුළුවන්.

දම් පැහැ වර්ණයේ දිවකින් ශරීරයේ රුධිර සංසරණ පද්ධතියේ ගැටළු පිළිබඳව කියවෙනවා. ඇතැම් විට ශරීරයේ දරුණු ආභාදයක් සහ වේදනාවක් හෝ ශරීරයේ ඇතිවන දැවිල්ලක් හෝ වෙනත් ආසාදනයක් නිසාත් දිවෙ හි වර්ණය දම් පැහැ වන්නට පුළුවන්.

ඔබේ දිවේ වර්ණය සුදුමැලි පැහැ නම් එමගින් කියවෙන්නේ ශරීරයේ ඇති ඌනතාවයක් හෝ ශරීර ශක්තිය නොමැති වීමක්ය. රක්තහීනතාවය හෝ දිගු කලක් පැවති වෙනත් රෝගී තත්වයක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසාත් දිවේ වර්ණය සුදුමැලිපැහැ වෙන්නට පුළුවන්.

දිවේ මැලියම් බැදීම

දිවේ ඝන මැලියම් තට්ටුවක් බැදීම මගින් දරුණු රෝගී තත්වයන් සහ බඩවැල් වල ඇති විවිධ දුර්වලතා පිළිබඳව කියවෙනවා.

දිව මත සිහින්ව මැලියම් තට්ටුවක් බැදීම සාමාන්‍ය තත්වයක්. නමුත් දිව මත ඇති මැලියම් තට්ටුව ඉතා සිහින් වීම හෝ දිව මත මැලියම් තට්ටුවක් නොතිබීම මගින් ශරීරයේ තරල වල ගිහකම පෙන්වනවා.

ඔබේ දිව මතුපිට කහ පැහැති මැලියම් ස්වරූපයක් ඔබට දැකගන්නට ඇත්නම් එයින් කියවෙන්නේ ශරීරයේ උෂ්ණත්වය සහ ශරීරය තුල ඇති ආසාදන තත්වයන්ය.

ඔබේ දිව මතුපිට අළු පැහැයට හෝ කළු පැහැයට හුරු වර්ණයකින් යුතු මැලියම් ස්වරූපයක් ඔබට දැකගන්නට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබේ ශරීරයේ කුමක් හෝ දරුණු සෞඛ්‍යය ගැටළුවක් ඇති බවයි.

දිව මතුපිට ඝන සුදුපැහැති මැලියම් තට්ටුවක් ඇත්නම් එයින් කියවෙන්නේ ශරීරය ශීත වීමත්, රුධිර සංසරණය දුරවල වීමත්, කැන්ඩිඩා“Candida”, යීස්ට් “yeast” වැනි දිලීර ආසාදනය වීමත්ය.

දිවේ හැඩය

ඔබේ දිව වටේ දාරය ඉදිමී ඇත්නම් එයින් අදහස් වන්නේ ශරීරයේ ඇති පෝෂණ වල ඌනතාවයයි. මෙමගින් ශරීරයේ ලේ නරක් වීම හෝ ශරීරය තුල විෂ සංඝටකයන් ඇතිවීමත් කියවෙනවා.

ඔබට ඇත්තේ ඉතා සිහින් දිවක් නම් එයින් කියවෙන්නේ ශරීරයේ ඇති විජලන තත්වයයි. ශරීරය තුල ඇති නිදන්ගත වූ රෝගී තත්වයක් නිසාත් මෙසේ සිදුවන්නට පුළුවන්.

දිවේ ස්වභාවය

දිවේඋඩ කොටසේ තඩිස්සියක් ඇති වී ඇත්නම් මෙයින් බැක්ටීරියා ආසාදනයක්, වෛරස ආසාදනයක් නැත්නම් ආහාරයකට හෝ ඖෂධයකට දක්වන ආසාත්මිකතාවයක් කියවෙනවා.

දිවේ යටි ප්‍රදේශයේ තැනින් තැන වනවීම් ඇති වනවා. මෙවන් වනවීමක් වක්‍රාකාරව සිදුවන අතර මේ වක්‍රය වටේ රතු පැහැයත් මැද කොටස සුදු හෝ කහ පැහැයත් ගනු ලබනවා.

සුදු පැහැති හෝ අළු පැහැති මතුපිට ඝනව අසුවන ඉරි තැලීම මගින් “leukoplakia” රෝගය පිළිබඳව කියවේ.මෙය කෘතීම දත් කුට්ටම් පැලදීම, දත් පිරවීම, දත් හැඩ කිරීම සහ දුම්කොළ භාවිතය වැනි හේතු නිසා ශ්ලේෂ්මල පටලය ආසාදනය වීම මගින්ඇතිවන රෝගී තත්වයකි.

“Hairy leukoplakia” රෝගය, මෙය “HIV” සහ “Epstein – Barr”වෛරසය වැනි රෝගී තත්ව ඇතිවීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඇතිවන රෝගී තත්වයක්. මේ නිසා දිවේ දෙපැත්තේ තුවාල ඇතිවන්නට පුළුවන්.

සිදුරු සහිත තුවාල දිවේ තැනින් තැන ඇති වී දිනෙන් දින දිවේ ආසාදන ස්ථාන මාරු වෙමින් මේ තත්වය හටගැනීම. මෙමගින් කියවෙන්නේ “geographic tongue” නමින් හදුන්වන හානිදායක නොවන තරමක් පීඩාකාරී තත්වයකි.

දිව මතුපිට රැළි වැටීම. ඔබේ දිව මතත් මෙවන් තත්වයක් ඇතිවී ඇත්නම් මෙය පිළිබඳව කණගාටු විය යුතු නෑ. මෙමගින් කිසිම හානිදායක තත්වයක් ඇති නොවන නමුත් දිව පිරිසිදු කරගැනීමේ දී යම් අපහසුතාවයකට මුහුණ දෙන්නට සිද්ද වේවි.

දිවේ එක් පැත්තකින් ඉදිමුමක් හෝ වනවීමක් ඇති වී තිබෙනවා නම් එමගින් කියවෙන්නේ පිළිකාව ඇතිවීමේ අවදානමක්ඇති බවයි. ඔබේ දිවත් මෙවන් ආකාරයක් ගන්නවා නම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

ඔබේ දිවේ කැක්කුමක් සහ දැවිල්ලක් දැනී රසයත් නොදැනෙනවා නම්. ඒ වගේම, දිව එහා මෙහා ගෙන යෑමත් අපහසු නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

චීන වෛද්‍ය විද්‍යාවට අනුව දිවේ එක් එක් කොටස් විවිධ අභ්‍යන්තර ශාරීරික කොටස් ලෙස සලකනවා. උදාහරණක් ලෙස පැවසුව හොත් චීන වෛද්‍ය විද්‍යාවේ දී දිව මගින් ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ බොහෝ දේ අර්ථවත් වනවා. බඩවැල් තුල ඇති විෂ සහිත සංඝටක, ආහාර වල ඇති සංවේදීතාවය, ආහාර ජීර්ණයේ ඇති දුර්වලතා පිළිබඳව සහ ශරීරයට ලබාගන්නා පෝෂණ පිළිබඳව බොහෝ දේ දිව නිරීක්ෂණය කිරීම මගින් දැනගන්නට පුළුවන්.

 

ඔබටත්පුළුවන් මේ සෞඛ්‍යය සම්පන්න ක්‍රම භාවිතා කරලා දිව මගින් පැවසෙන ආහාර ජීර්ණය වේගවත් කරගන්නට.

ඔබේ ශරීර පද්ධතිය නැවතත් සකස් කර ගැනීමට පැස වූ ආහාර සහ ප්‍රෝබයෝටික අඩංගු පාන වර්ග පරිභෝජනය කරන්න.

ඔබ ස්වභාවික ආහාර පමණක් ආහාරයට ගන්න. ඒ වගේම, ඔබේ කුස 80% පමණක් පිරෙන්න ආහාර ලබාගන්න.

පිසූ ආහාර ලබාගෙන ආහාර ජීර්ණය වේගවත් කරගන්න.

ශාක සාර සහ කුළු බඩු එක් කරගෙන ආහාර ජීර්ණය වේගවත් කරගන්න.

ජීර්ණ එන්සයිම ලබාගෙන ඛනිජ ශරීරයට අවශෝෂණය වීම වේගවත් කරගන්න.

අවවාදයයි: මේ ලිපියේ සාම්ප්‍රදායක චීන වෛද්‍ය විද්‍යාවට අනුව දිව මගින් කියවෙන සෞඛ්‍යය තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වුවත්. ඔබට කුමක් හෝ සෞඛ්‍යය ගැටළුවක් ඇතැයි කියා සිතෙනවා නම්, මේ හා සම්බන්ධ නිසි දැනුමක් ඇති අයෙකුගේ (වෛද්‍යවරයෙකුගේ) සහය ඇතිව ඔබ ගනු ලබන ප්‍රතිකාරයකට හෝ වෙනත් යම්කිසි තීරණයකට එළඹෙන්න.

පරිවර්තනය| සසිඳු චතුරංග

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: