ඔබ සීනි වැඩිපුර ආහාරයට ගන්නා විට ශරීරය විසින් මැසිවිලි නගන ආකාර 7 ක්

April 11, 2017 | 8:00 am    0   212

ඔබ සීනි වැඩිපුර ආහාරයට ගන්නා විට ශරීරය විසින් මැසිවිලි නගන ආකාර 7 ක්

 

අපි හැමෝම වගේ පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් වැඩිපුර සීනි ආහාරයට ගැනීම නම් එතරම් සුබදායක වන්නේ නෑ.

දිනපතා ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයෙන් 25% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සීනි මගින් ලබාගත් පුද්ගලයන්ට ජීවිත අවදානම් හදවත් රෝග මගින් ඇති වූ බව වසර පහළොවක සිට සිදුකරන අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

“ JAMA Internal Medicine Journal ” සඟරාවේ පල වූ අධ්‍යයන වාර්තාවට අනුව ඔබත් සීනි වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඔබේ ශරීරයෙනුත් මෙවන් ලක්‍ෂණ දැකගන්නට ලැබේවි. මේවා පිළිබඳව නිසි අවධානය යොමු කරන්න.

සෑම විටම මහන්සියක් දැනීම

සීනි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා ශරීරයේ ස්වභාවික ශක්තිය හීන වනවා. ඔබේ ශරීරයටත් නිතරම වාගේ මහන්සියක් දැනෙනවා නම් එයින් කියවෙන්නේ ඔබ සීනි වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවයි. ඔබ ආහාරයට ගනු ලබන සීනි ප්‍රමාණයඅඩු කරන්න. එවිට ඔබගේ තෙහෙට්ටු ස්වභාවය දුරු වේවි.

සීනි වලට දක්වන දැඩි ආශාව

සීනි සහිත ආහාර වලට ලොල් වූ සියල්ලන්ම වාගේ නොදන්නා කරුණක් තමයි ඔවුන් සීනි සඳහා ඇබ්බැහිවී ඇති බව. යමෙක් හෙරොයින් වැනි මත් ද්‍රව්‍යක් සඳහා ඇබ්බැහි වනවාට වඩා සීනි සඳහා ඇබ්බැහි වන බව නවතම අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

ඔබට නිතරම වාගේ සීනි සහිත ආහාර සඳහා ඇල්මක් ඇතිවනවා නම් එයින් කියවෙන්නේ ඔබ පමණට වඩා සීනි සතිත ආහාර ලබාගන්නා බවයි. ඔබටත් මෙසේ දැනෙනවා නම් ඔබ සීනි සහිත ආහාර ලබාගැනීම තරමක් අඩුකිරීම ඔබේ සෞඛ්‍යයට සුවදායක වනවා.

නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම

අධික ලෙස සීනි ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවනවා. එම නිසා ශරීරයට ආසාදනය වන වෛරස සහ බැක්ටීරියා සමග ශරීරය සටන් වැදීම දුර්වල වීම නිසා නිතරම වාගේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනිරෝග ඇතිවන්නට පුළුවන්.

විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීම

විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීමට සීනි බලපාන බව විශ්වාස කිරීමට අපහසු වුවත් ඔබ සීනි සඳහා ඇබ්බැහිවී ඇති පුද්ගලයෙක් නම් ඔබ සීනි සහිත ආහාර ආහාරයට ගැනීම නැවතූ විට ඔබට විෂාදය හා සම්බන්ධ මානසික හැගීම් වන අලස බව, දුක සහ සමාජය පිළිබඳව කලකිරීම වැනි හැගීම් ඇතිවන්නට පුළුවන්.

ඇස් යට කළු පැහැ වීම

සීනි වැඩි ලෙස ආහාරයට ගැනීම නිරුපණය වන තවත් කරුණක් තමයි ඇස් යට කළු පැහැ වීම. ඔබත් ඔබේ ඇස් යට කළු වීම කෙරෙහි කනස්සල්ලෙන් සිටිනවා නම් මේ සෞඛ්‍යය ගැටළුව සුවකර ගැනීමට විවිධ නිෂ්පාදිත භාවිතා කිරීමට වඩා ඔබ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩු කර බලන්න. ඔබට දින කිහිපයක් ඇතුලත ඇස් යට කළු පැහැ වීම සුවකර ගන්නටපුළුවන් වේවි.

ශරීරයේ බර පිළිබඳ ගැටළු

ඔබත් ශරීරයේ බර වැඩිවීම නිසා පීඩා විදිනවා නම් වහාම සීනි ආහාරයට ගැනීම පාලනය කරන්න. එය ඔබට ශරීරයේ බර පාලනය කරගන්නට විශාල උපකාරයක් වේවි.

අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සහ අධික තරබාරුව ඇතිවන බව ඔබ දන්නා කරුණක්. අධික ලෙස සීනි ආහාරයට ගැනීම නතරකිරීමෙන් ශරීරයේ බර අඩුකර ගන්නවාට අමතරව ඔබේ මුළුශරීර සෞඛ්‍යයම වර්ධනය වේවි.

අධි රුධිර පීඩනය

වැඩි වශයෙන් සීනි සහිත ආහාර ලබාගැනීම මගින් අධි රුධිර පීඩනයත් ඇතිවනවා. 2010 වසරේදී “ Colorado ” සරසවිය විසින් වැඩිහිටි පුද්ගලයින් 4,500 පමණ එක්කර එක්තරා අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මේ අධ්‍යයනයේ දී සොයාගෙන තිබෙන්නේ සීනි ආහාරයට ගැනීම සහ අධි රුධිර පීඩනය අතර සෘජු සම්බන්ධයක් පවතින බවයි.

පරිවර්තනය| සසිඳු චතුරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: