කට්ට කරවෙන නියඟයකට පසු සිංහල සිනමාවට පට්ට වැස්සක්

February 20, 2017 | 11:56 am    0   377

කට්ට කරවෙන නියඟයකට පසු සිංහල සිනමාවට පට්ට වැස්සක්

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ නිර්මාණය කල “ප්‍රේමය නම්” චිත්‍රපටය පසුගිය 17 වනදා සිට CEL සහ රිත්මා මණ්ඩල වලට අයත් සිනමා ශාලා හරහා මහජන ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. මංගල දර්ශනය පැවැත්වුනේ කොළඹ රීගල් සිනමා ශාලාවේදීය.

මෙම චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය. දැනුම බුද්ධිය සහ දක්ෂතාවලින් පිරිපුන් විශ්ව නම් පුද්ගලයා උපාධිධාරී විවාහකයෙකි. එහෙත් ඔහු මානසික රෝගයකින් පීඩා විඳියි. මේ මානසික රෝගය නිසා සිදුවන හිරිහැර් සහ අපහසුතා දරාගත නොහැකිවූ තැන බිරිඳ සමාධි ඔහු හැර දමා තම දෙමව්පියන්ගේ නිවසට යයි. විශ්ව තනි වෙයි. ඔහුගේ රැකියාව පවා අහිමි වෙයි. වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේ ඖෂධ පාවිච්චි කිරීම නිසා රෝගය තව තවත් උග්‍ර වන අතර ඔහුගේ ජීවිතය අගාධයට වැටෙයි. අවසානයේ එයින් මිදීමට මඟක් සොයන විශ්ව මානසික රෝහලකට ඇතුළු වෙයි.

රෝහලේදී තම ජීවිතය පිලිබඳ ආවර්ජනය කරන විශ්වගේ පසුගිය මතකය අවදි වීමත් සමඟම තම බිරිඳගේ වියෝව තදින් දැනෙන්නට ගනී. එම නිසා ඔහු නැවත නිවසට පැමිණෙන අතර විශ්ව සුවය ලබා නොමැති බව සමාධි දැනගනියි. එම නිසා බලාපොරොත්තු සුන් කරගත් ඇය ආපසු යයි.

දැඩි අධිෂ්ඨානයෙන් රෝගයට පිළියම් ලෙස ඉතිරිව ඇති අවසාන දුෂ්කර ප්‍රතිකාරයට මුහුණ දීමට තීරණය කරයි….

සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි විෂයක් අව්‍යාජ නිරවද්‍ය සහ විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමට චිත්‍රපටක් මෙතරම් පරිශ්‍රමයක් දැරූ ප්‍රථම අවස්තාව ලෙස “ප්‍රේමය නම්” සන්ධිස්තානගත වෙයි. එමෙන්ම ලාංකීය සිනමාවේ සහෝදරයන් දෙදෙනෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවන ප්‍රේමය නම් හි තිර රචනයද කල්පන සහ වින්දන ආරියවංශ විසින් නිර්මාණය වූවකි.

ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක සහ බුද්ධදාස විතානආරච්චි විසින් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් ගොඩනැගුනු, අනුවේදනීය ආදර කතාවකි. එමෙන්ම මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විසින් මෙම නිර්මාණය සඳහා නොමසුරු අසීමිත දායක්වතය ලබා දී ඇත්තේ ජනතාව අතර සුලභ නමුත් කැළලක් ලෙස හෙලා දකින මානසික රෝග සම්භන්දව නිවැරදි දැක්මක් සමාජ ගතකිරීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් විශ්වාස කරන බැවිනි.

මේ වන විට ලොවපුරා ජාත්‍යන්තර සිනමා උළෙල 15කට තෝරා ගැනුණු, ඕනෑම වයස් කාණ්ඩයක ප්‍රේක්ෂකයන්ට නැරඹීමට සුදුසු යයි රැඟුම් පාලක මණ්ඩලය විසින් අනුමත කල සිනමා නිර්මාණයකි.

 

මංගල දර්ශනය අවස්තාවේ ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: