කඩවල් 32 ක් කඩපු, අවුරුදු තුනක් කට්ටි පැනපු තරුණයා බඩුත් සමග මාට්ටු

April 11, 2017 | 5:00 pm    0   164

කඩවල් 32 ක් කඩපු, අවුරුදු තුනක් කට්ටි පැනපු තරුණයා බඩුත් සමග මාට්ටු

2014 වසරේ සිට රාත්‍රී කාලයේදී ව්‍යාපාරික ආයතන 32ක දොරගුලු බිඳ හෝ වහලින් ඒ තුලට බැස මුදල් සහ විවිධ වටිනා භාණ්ඩ වර්ග හොරාගත් පුද්ගලයෙක් නුගේගොඩ විශේෂ පොලිස් කංඩායමකින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසියේ රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
නුගේගොඩ කොට්ටාශයේ විවිධ ප්‍රදේශ වල සිදුවන හොරකම් ඇතුළු අපරාධ වැඩි හෙයින් ඒවා විමර්ශනය කර විත්තිකරුවන් නීතියේ රැහනට අසුකර ගැනීමේ අරමුනණින් නුගේගොඩ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතා විසින් අතුරුගිරිය, කොට්ටාව, මුල්ලේරියාව, පාදුක්ක යන පොලීසිවල දක්ෂ නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කංඩායමක් නම්කර පොලිස් අධිකාරීගේ විශේෂ මෙහෙයවීම යටතේ එම අපරාධ ගැන සියුම්ව සොයාබැලීම කල හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස එම සැකකරු හොර බඩුත් සමග පොලිසියට කොටුවී ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර තුනක සේවයෙන් පසු ඉන් ඉවත්ව ඇති 26 වියැති සැකකරු කොස්හේන, කලුවාවල තැන්න , ඇල්ලගාව, කිරිඇල්ල යන ලිපිනයේ පදිංචිව සිටි අවිවාහක යෙක්වූ බී.චානක කාන්ත කිත්සිරි නමින් හඳුන්වාගෙන ඇත. ඉහත පොලිස් කංඩායමට ලද රහස් තොතුරු අනුව මොහු හමුවට නිවසට ගොස් ප්‍රශ්න කිරීමේදී හොරකම් කලමුදල් වලින්සහ එම භාණ්ඩ පරිහරණය කිරීමෙන් ඔහු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව හෙලිවී ඇත. එම නිවසේ පිරීතිබූ වටිනා භාණ්ඩ හොරබඩු බවත් ඔහු පිලිගත් හෙයින් ඔහුත් එම නඩු භාණ්ඩත් අතුරුගිරිය පොලීසියට රැගෙන ආ බව පොලිසිය දන්වයි. අදාල භාණ්ඩ අතර රූපවාහිණී යන්ත්‍ර , විවිධ ජංගම දුරකථන, වතුර මෝටර්ස්, හෝම් තියටර් යන්ත්‍ර ඇතුළු විවිධ වදුලි උපකරණද වේ. මීට අමතරව මුදල් ද හොරාගෙන ඇති අතර ඒවා දෛනික වියදදමට වැයකර ඇත.
එම සැකකරු රාත්‍රී අන්තිම බසයෙන් තනියම පැමිණ වසාතිබූ කඩවල දොරගුලු ස්කුරුප්පු නියන් ආදියෙන් කඩා හෝ වහලේ සිවිලින් ආදිය ගලවා හොරකම් කර මුදල් හෝ වටිනා භාණ්ඩ රැගෙන උදේ පාන්දර බසයෙන් තම ගෙදරට රැගෙන ගිය බවත් පැවසේ. ඔහු විසින් කොට්ටාව වෙළඳ සැල් 4ක් , පාදුක්ක 5ක් ,අතුරුගිරිය 10ක්,කිරිඇල්ල 7 ,ක් හෝමාගම 1ක්, ඉංගිරිය 4 ක්, හොරණ 1ක්, ඇතළු ව්‍යාපාර 32ක් රාත්‍රී කාලයේදී බිඳ බඩු සහ මුදල් රැගෙන ගොස් තිබේ. මීට පෙරද එම සැකකරු එවැනිම වැරදි වලට හොරණ පොලීසියට කොටු වී රක්ෂිත බන්ධනාගාරයේ දින 14 රඳවා සිටි බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: