කතාබහේදී උරහිස ඉහළට එසවීම – (ශරීර භාෂාව – 01)

July 11, 2017 | 6:12 pm    0   266

කතාබහේදී උරහිස ඉහළට එසවීම – (ශරීර භාෂාව – 01)

ලොව වෙසෙන සමාජ විද්වතුන් අතර උප කුලකයක් වන චර්යා විද්වතුන් කුරුල්ලන් වැනි සතුන්ගේ හැසිරීම් සහ චර්යාවන් නිරීක්ෂණය කරයි. එසේම ඔවුන් මිනිසුන්ව ද නිරීක්ෂණය කර මිනිසුන්ගේ හැසිරීම්, ඉරියව් සහ වාචික නොවන ශරීර භාෂාව පිලිබඳ පරීක්ෂණ කරති. 

එදිනෙදා ජිවිතයේ එලෙස හමුවන මිනිසුන් අධ්‍යනය කර 1970 දී ‘ජුලියන් ෆාස්ට්’ විසින් ලියන ලද “ශරීර භාෂාව” (BODY LANGUAGE) නමැති පොතෙන් හෙළිදරව් කර ඇති ආකාරයට මිනිසාගේ මෙම භාෂාව විශ්මය ජනකය.

මේ පිලිබඳ පරීක්ෂණ කල බොහෝදෙනෙකුන් කියා සිටින්නේ වාචික ක්‍රමයෙන් තවකෙකුට තොරතුරු සපයනවා මෙන්ම නිර්වාචික ක්‍රමයෙන් කෙනෙකුගේ අභ්‍යන්තර හැඟීම් පිලිබඳ තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබාදෙන බවයි.

උදාහරණයක් ලෙස තරුණියක විසින් තරුණයෙකු වෙත හෙලන ලද එක බැල්මකින් ඉතා දරුණු වාග් ප්‍රහාරයක් මුව විවර නොකොට එල්ල කල හැකිය.

මෙවන් ශරීර භාෂාවෙන් කියවෙන දෙවල් ඔබත් අනිවාර්යෙන්ම දැන සිටීම අනාගතයේදී බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

විශේෂයෙන්ම මුල්වරට යම් අයෙක් ඔබට මුණ ගැසුණු විට ඔහුගේ හැසිරීම නිරීක්ෂණයෙන් පමණක් ඔහු හෝ ඇය ගැන බොහෝ දේ ඔබට දැනගැනීමට හැකිවනු ඇත. 

තවද යම් අයෙක් ඔබට කියන්නේ ඇත්තක් දබොරුවක් ද කියා ඔබට මෙම ක්‍රමයෙන් නිවැරදිවම තේරුම්ගත හැකිය.

මේ පිළිබඳව අප විසින් සැම දිනකම ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. ඔබටත් ශරීර භාෂාව නිවැරදිව ඉගෙනීමට අවශ්‍ය නම් ඔබත් අප සමඟ දිනපතා රැඳී සිටින්න.

කතාබහේදී උරහිස ඉහළට එසවීම

කතාබහේදී උරහිස ඉහලට එසවීම විශ්ව සම්මත ඉරියව් වලින් එකකි. ඔබ කියන දේ ඔහුට නොතේරෙන බවත්, ඔහු ඒ පිළිබඳව නොදන්නා බවත් මින් හැඟවේ.

මෙහි ප්‍රධාන කොටස් 3 කි.

  • අත්ල විහිදීම
  • උරහිස් හැකිලීම
  • ඇස් බැමි ඉහළට එසවීම

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: