කතා කරන්න එපා. බොන්න එන්නේ නෑ.

February 15, 2017 | 12:06 pm    0   1110

කතා කරන්න එපා. බොන්න එන්නේ නෑ.

කොච්චර නෑ බෑ කිව්වත් අද වෙද්දි කිසිම උත්සවයකදී අත් නො හැරෙන අනිවාර්ය අංගයක් තමයි alcohol කියන්නේ. නමුත් මතක තියාගන්න ඕන පුද්ගල ඒකරාශීවීමක් සිදුවන තැනක සිහියෙන් නුවණින් කටයුතු කරන එක තමයි වඩා වැදගත්.

එහෙම නො වුණොත් තමයි අපිට අර අහන්න දකින්න ලැබෙන ගැටුම්, අර්බුද ඇති වෙන්නේ. මොකද alcoholවලින් කරන්නේ සිහිය විකෘති කිරීමක් නිසා. කෙටියෙන්ම කිව්වොත් alcoholවලින් සිද්ධ වෙන්නේ වගකීමක් ඇතුව වැඩ කරන්න ඕන තැන්වල වගකීම් විරහිතව කටයුතු කරන එක. ඒ නිසා තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ වටේ ඉන්න අයටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන එක.

ලංකාවේ මේ alcohol පරිභෝජනය කොච්චර ද කියනවා නම් 2015 අවුරුද්දේ ලෝකයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් හතරවෙනි ස්ථානයට පත් වුණෙත් අපේ රට. alcohol නිසා රුධිර පීඩනය වැඩිවීම, අක්මාව අකර්මණ්‍ය වීම සිරෝසීස්, අක්මාවේ පිළිකා වගේම ලිංගික බෙලහීනතාවය වගේ හානිකර ප්‍රතිඵල ගොඩක් අත්වෙන්න පුළුවන් කියලා අපි පහුගිය සති දෙකේ කතා කළා මතක ඇතිනේ. alcohol ගන්න එක හරිම ජොලි වැඩක් කියලා හිතනව නම්, ඉඳලා හිටලා ටිකක් බිව්වට කමක් නෑ කියලා හිතනව නම් මතක තියාගන්න පොඩ්ඩ පොඩ්ඩ හිඳලා හිටලා චතජධඩධත ගන්න පටන් ගන්න අය තමයි ටිකෙන් ටික මේ alcohol වැඩිපුර භාවිතයට ගන්නේ වගේම limit එක පැනලා බොන්න පුරුදු වෙන්නෙත්. ඒ නිසා කාගෙවත් බලපෑම්වලට හසුවෙන්නේ නැතුව ඔයා, ඔයා එක්කම කතා කරලා තීරණය කරන්න ඔයාට health එකට ගැලපෙන හොඳ පුරුදු මොනව ද කියලා.

සාමාන්‍යයෙන් alcohol නිසා ඇති වන පිළිකාවලින් සිදුවන මරණ සංඛ්‍යාව කාන්තාවන්ට වඩා පිරිමින් අතර වැඩි බව තමයි පේන්න තියෙන්නේ. ඒකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ පිරිමි පාර්ශවය කාන්තාවන්ට වැඩිය මේ මත්පැන් භාවිතා කිරීමයි. ඔන්න කොල්ලනේ ඒ නිසා පරිස්සමින්.

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: