කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර වෙයි

December 29, 2016 | 9:09 am    0   674

කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර වෙයි

ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ගේ දේශපාලන පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ ජීවිතයේ 1978 1989 කාල වකවානුව ආශ‍්‍රයෙන් අනුරුද්ධ සිනමා නිර්මාණයක් ආරම්භ කිරීමට සූදානම්වන බව අප වෙත වාර්තාවේ.

අනුරුද්ධ ජයසිංහ ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්‍ෂවරයෙක්. එමෙන්ම අනුරුද්ධ නිර්මාණශීලි තරුණ අධ්‍යක්‍ෂවරයෙක් ලෙසයි මෙරට ටෙලිවිෂන් සහ සිනමා පේ‍්‍රක්‍ෂකයන්ගෙ ආදරය දිනාගෙන සිටින්නේ. අනුරුද්ධ එලැබෙන ජනවාරියේ දැවැන්ත නිර්මානයකට අත ගසන්න සූදානම්. ඔහු මේ සඳහා වසරකට වඩා වැඩි කාලයක් තොරතුරු සහ අනෙකුක් බොහෝ දේ එක් රැස් කළා. අනුරුද්ධ 2017 ආරම්භ කරන රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලන ජීවිතය ඔස්සේ ගෙනෙන්නට සූදානම් වන මෙරට දේශපාලනයේ එක් ඵෙතිහාසික දේශපාලන යුගයක් පිළිබඳ විවිරණය කෙබඳු වේද?

“මෙම නිර්මාණය ට පාදක වෙන්නේ රෝහණ සහෝදරයගෙ 1978-1989 දේශපාලන යුගය සහ ඉන්පසු භාගයේ දේශපාලනය.  මෙය ඉතා ඉවසලිමත් නිරීක්‍ෂණ, ගවේෂණ ඇසුරින් කරනු ලබන නිර්මාණයක්. මේ සඳහා විවිධ අය දායකත්වය සපයනවා. තිර රචනයට අවශ්‍ය ගවේෂණ කටයුතු ජයජසිරි ජයසේකර, ආරියවංශ ධම්මගේ යන අය සම්බන්ධවුනා. ඒ වගේම මෙහි තවත් නිර්මාණාත්මක කොටසක් සකස් කරගන්න තිබෙනවා. අපි ජනවාරි 20 මෙහි රූගත කිරීම් රන්මිහිතැන්නෙන් අරඹනවා. මෙහි දර්ශණ පසුතල උලපනේ, රන්මිහිතැන්න ආදී ප‍්‍රදේශ තෝරාගෙන තිබෙනවා ප‍්‍රධාන වශයෙන්”.

මෙහි වේශ නිරූපණ ශිල්පියා නාරද තොටගමුව. ඔහු විශාල කාර්්‍යභාරයක් මෙහි කරනවා. මොකද විජේවීර යනු මෙරට බොහොා් දෙනා දන්න දැක තිබෙන චරිතයක්. මෙහි රංගනය සඳහා තෝරාගන්නා රංගනශිල්පියා ව ඒ ආකාරයෙන් වෙනස් කළ යුතුව තිබෙනවා. ඉතින් මේ වනවිට ඔහු සියල්ල සූදානම් කරමින් පවතිනවා.

මෙහි විජේවීරගේ චරිතය රගපානු ලබන්නේ ලංකාවේ දක්‍ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන කමල් අද්දරආරච්චියි.
“ඇත්තටම ඔහුව තෝරගන්න ප‍්‍රධාන හේතු කිහිපයක් තිබුනා. අපිට ඔහුව රෝහණ විජේවීරයන්ගේ වයස් සීමාවන් වෙත ගෙනයාම පහසුයි වගේම ඔහු දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම කමල් ට හොඳට ඉංග‍්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. රෝහණ විජේවීර සහෝදරයා චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාවෙන් කතාකරන අවස්ථා අපිට කඩපාඩම් කරලා භාෂාව පුහුණු කර රංග ගත කිරීම කරන්න අමාරුයි. මෙයට එම භාෂාව හොඳට පරිහරණය කළහැකි කතා කළහැකි අයෙකු අවශ්‍යමයි. ඉතින් මේ සියල්ල ගත්විට කමල් එම චරිතයට වඩාත්ම සුදුසු කෙනයි. මම විශ්වාස කරනවා කමල් අද්දරආරච්චි කෙනෙකු මේ චිත‍්‍රපටයේ හමුනොවන බව”.

මෙහි අනෙක් චරිත සඳහා ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ප‍්‍රියන්ත සිරිකුමාර,අතුල පතිරණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, මීණා කුමාරි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.
මෙහි නිෂ්පාදනය ‘සිනෙ ෆ්‍රෝ’නිෂ්පාදන සමාගම විසිනි.

  • අන්තර්ජාලය ඇසුරින්

Read more: http://harigossip.com/2016/12/28/adaasfd/#ixzz4UC7n8m8V

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: