කම්කරු පන්තිය ගැන කුමාර් ගුණරත්නම්ගේ පළමු මැයි දින දේශනය

May 2, 2017 | 3:00 pm    0   141

කම්කරු පන්තිය ගැන කුමාර් ගුණරත්නම්ගේ පළමු මැයි දින දේශනය

මුහුණු මාරු කිරීමෙන් හෝ ආණ්ඩු මාරු කිරීමෙන් රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය ඇති කිරීමට හැකියාවක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් සැලකිය යුතු කාලයකින් අනතුරුව සිය පළමු මැයි දින ප්‍රකාශය කරමින් සඳන් කළේ ය.

රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි වන්නේ ධනවාදයෙන් නොව සමාජවාදයෙන් බව කී ඒ මහතා ඒ අරමුණ කරා යාමට ශක්තිමත් ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරයක් බිහි කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද ඔහු පැවසීය.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය බැස්ටියන් මාවතේ දී පැවැත්වු මැයි දින රැළියට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පල කළේය. ‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව වැඩකරන ජනතාවනි, නැඟිටිව්’ යනුවෙන් මෙම මැයි දිනය සංවිධාන කර තිබිණි.

එහිදී වැඩි දුරටත් අදහස් පල කළ ගුණරත්නම් මෙසේද කීවේය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය ඇති කිරීමට නම් සැබෑ වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය.

“ධනවාදය ක්‍රියාත්මක වීමෙන් රට ආර්ථිකමය වශයෙන් පරිහානියට යන පැය අටක වැඩ මුරයක් දිනා ගැනීම සඳහා ඇමරිකාවේ කම්කරු පන්තිය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වු ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා වැඩකරන ජනතාව විසින් නැවත නැවත ස්මරණය කරමින් අඛණ්ඩව වසර 131 ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. එදා කම්කරුවන්ගේ වැඩ මුර තිබුණේ පැය 12, 14, 16 වගේ. 1886 මැයි 1 දිනයේ කම්කරු වෘත්තීය සමිති තීන්දු ගත්තා මේ වැඩමුරය පැය 8 ක් කරන්නට. පාලක පන්තිය මෙය නිකම්ම ප්‍රදානය කළේ නැහැ. මේ වෙනුවෙන් වැඩකරන පන්තිය උද්ඝෝෂණ කළා. වැඩවර්ජන කළා. පාලක පන්තිය මේවා මර්දනය කළා. කම්කරු නායකයින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා. ඝාතනය කළා. එය අපි කවුරුත් දන්නා ඉතිහාසයයි. අද අපි මේ තැනට එකතු වෙලා කම්කරු දිනය ගැන කතා කරන වෙලාවේ ඉතිහාසයේ සරදමක් තිබෙනවා. එදා පැය 8 ක් වෙනුවෙන් සටන් කරපු කම්කරුවෝ අද වැඩමුරය පැය 10, 12 ක් ඉල්ලන තත්ත්වයක් ආයෙත් ඇති වෙලා තිබෙනවා. අතිකාල ඉල්ලනවා. අද කම්කරුවෝ අතර අතිකාල ඉල්ලන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අතිකාල ගන්න විශාල තරඟයක් තිබෙනවා. විවිධ හිතවත්කම් පානවා හාම්පුතුන් එක්ක. අද රටේ තත්ත්වය අනුව කම්කරුවන්ට පැය 8 ක් නෙවෙයි පැය 12, 13 වෙලා තවත් රස්සාවක් කරන්නත් වෙලා තිබෙනවා. එදා 1886 ඉදන් ගෙවුණු මේ කාලය තුළ කම්කරු පන්තියේ තත්ත්වය එන්න එන්න නරක අතට හැරිලා. කම්කරු පන්තියට, ජනතාවට යහපතක් කරලා නැහැ. අපේ රටේ අපේ අත්දැකිම් බැලුවාම වුවත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙලා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: