කලවානේ ප්‍රාදේශීය ලේකම් ආධාර එපා කියා ආපසු හරවා යවයි.

May 30, 2017 | 9:57 pm    0   350

කලවානේ ප්‍රාදේශීය ලේකම් ආධාර එපා කියා ආපසු හරවා යවයි.

කොළඹ සිට කලවානට රැගෙන ආ ආධාර තොගයක් කලාවන ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රතික්ෂේප කර ආපසු හරවා යැවූ පුවතක් අද (30) සවස වාර්තා විය.

අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත් ජනතාවට බෙදාදීම සඳහා මේ දිනවල දිවයිනේ සතර දිග් භාගයෙන්ම වියලි ආහාර, වතුර බෝතල්, සනිපාරක්ෂක ද්‍රව්‍ය, ඇදුම් පැළදුම් ඇතුළු අනිකුත් ද්‍රව්‍ය රැගෙන විවිධ කණ්ඩායම් විපතට පත් ප්‍රදේශ වෙත පැමිණේ.

මෙලෙස ආධාර ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් අද සවස කලාවන ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම පිරිස ඒවා ලබාදීම සඳහා කලවාන ප්‍රදේශිය ලේකම් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් මොහොතේ ඔවුන්ට පවසා ඇත්තේ කලවානට ප්‍රමාණවත් තරම් ආධාර ලැබී ඇති බැවින් ඒවා අනවශ්‍ය බවත් වෙන තැනකට රැගෙන යන ලෙසත්ය.

මේ පිළිබඳව ඔවුහු එම ප්‍රදේශයේ ජනතාවගෙන් විමසු විට පවසා ඇත්තේ රාත්‍රී කාලයේ ඒවා බාරගැනීමට ඔහු අකමැති වීම නිසා එම ජනතාවට එම ආධාර ලබාගැනීමට තිබූ අවස්තාව මගහැරී ගිය බවයි. ඔහුට නිවසේ සිට ඒවා භාරගැනීමට පැමිණීමට සිදුවන බැවින් එලෙස හරවා යවන්නට ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තවද මිට දින දෙකකට පෙර එම ප්‍රදිශීය ලේකම් විසින් කලවාන විපතට පත් ජනතාවට රුපියල් 2500 පමණ වටිනාකමකින් යුතු වියලි ආහාර ඇතුළු ආධාර බෙදා ඩි ඇති අතර, එම අවස්ථාවේදීද ඔවුන් වෙත ප්‍රකාශ කර ඇත්තේ යලි එම ජනතාවට ආධාර ලබාදෙන්නේ දින 5 න් පසු බවයි.

මේ පිලිබඳ දැඩි ලෙස කනස්සලෙන් පසුවන ඔවුන් අසන්නේ දින 5 ක් යනතුරු ඔවුනට ඒවායින් පමණක් යැපීමට හැකිද යන්නය… එම ද්‍රව්‍ය බෙදාදෙන අවස්ථාවේදී ඔහු විසින් සියලුදෙනාටම ඒවා ලබාදුන් බවට අත්සන් ලේඛනයක් සකස් කරගත් බවත්, එම නිසා ඕනෑම පුද්ගලයෙකුට ඔහු ඒවා පෙන්න ආධාර ලබාදුන් බව ඔහු විසින් සනාත කරනු ඇති බවත්ය. එනමුත් ලබාදුන් ආධාර ප්‍රමාණයක් පිලිබඳ එම ලේඛනයේ සඳහන් නොවන නිසා ඒ පිලිබඳ අදහසක් ලබා ගැනීමට ලේඛනය පරික්ෂා කරන කිසිවකුටත් නොහැකිවනවා ඇත.

එමනිසා මින් මතුවටවත් අසරණ ජනතාවට ලැබෙන මෙවන් ආධාර නිලධාරීන්ගේ අදුරධර්ශි ක්‍රියා නිසා නොලැබී යාමට ඉඩකඩ ඇති බැවින් මේ පිළිබඳව වහාම වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව අපි අවධාරණයෙන් යුතුව මතක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: