කවුරුත් දන්න මුහුණක නොදන්න හිමිකරු

February 22, 2017 | 11:56 am    0   469

කවුරුත් දන්න මුහුණක නොදන්න හිමිකරු

අද කාළේ Facebook එකේ විනෝදයට පාවිච්චි කරන සංකේත වගේම ඒවට දෙන හැඟීම් කියන්නේ කවුරු කොහොම කිව්වත් පට්ට ක්‍රියේටිව් වැඩක්.

බුකියේ සැරිසරන අයගේ විනෝදයට වගේම අපහාසය, උපහාසය අරමුණු කරගෙන පාවිච්චි කරන මේ සංකේතවල ආරම්භය පිටිපස්සේ තියෙන්නේ මොන වගේ කතාවක් ද කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති.
ෆේස්බුක් Smilies, funny faces වලට වගේම ෆේස්බුක් එකේ පාවිච්චි කරන එක එක විදිහේ symbol වලට පට්ට විදිහට ආදරේ කරන වගේම පට්ට් විදිහට වෛර කරන පිරිසකුත් ඉන්නවා. වෙන කිසිම මාධ්‍යයකට කරන්න බැරි අපහාසය, උපහාසය, හැඟීම්, දැනීම් වගේ භාවයන් විවෘත වේදිකාවක කතා කරන්න, විඳින්න වගේම එකිනෙකා අතර බෙදා හදාගන්න පුළුවන්කමක් තියෙන එකම මාධ්‍ය තමයි ෆේස්බුක් කියන්නේ. ඒ නිසා තමයි ෆේස්බුක් තරුණ අය අතරේ මේ තරම් ජනප්‍රිය වෙන්නත් හේතුවක් වෙලා තියෙන්නේ.

හරි මම දැන් ඔයාගෙන් මෙහෙම දෙයක් ඇහුවොත්. හැමදාම ෆේස්බුක් වෝල් එකේ උඩට පහළට යන ඔයාට කට ඇරගෙන අව්‍යාජ හිනාවක් දාගෙන ඉන්න චයිනිස් විකට කාටූන් මුහුණක් හම්බවෙලා තියෙනව ද? ගොඩක් අය මේ funny faces පාවිච්චි කරන්නේ ඔන්ලයින් ඉන්න කෙනෙක්ව don’t care වගේ අඟවන්න, සමච්චලයට ලක් කරන්න, උපහාසයට, හාස්‍යයට ලක් කරන්න වගේ දේවල්වලටනේ. එදා මෙදා තුර ෆේස් බුක් එකේ ගණුදෙනු කරන අයට හිතේ තියෙන විවිධාකාරයේ භාව ප්‍රකාශණයන් හිතේ හැටියට මුදා හරින්න මේ චයිනිස් විකට කාටූන් රූපය පාවිච්චි කෙරුණා.

හැබැයි කවදහරි ඔයාට නිකමට වගේ හිතිලා නැද්ද මේ විකට කාටූන් රෑපයේ ඉන්න චයිනිස්කාරයා කවුද කියලා නැත්නම් කවුද මේක මුලින්ම නිර්මාණය කරන්න ඇත්තේ කියලා. එහෙමත් නැත්නම් මේ වගේ අතිජනප්‍රිය හාස්‍ේ‍යා්ත්පාදන කාටූන් චරිතයක් නිර්මාණය කිරීම පිටිපස්සේ තියෙන රසවත් කතාව මොකද්ද කියලා. මම හිතන විදිහට මගේ මේ හැම ප්‍රශ්ණයකටම ඔයා ළඟ තියෙන උත්තරය ‘නෑ’ කියන එකනේ. හරි දැන් මම මේ කියන්න හදන්නේ අන්තර්ජාලය පුරා සමච්චලයට පාවිච්චි කරන මේ චයිනිස් විකට කාටූන් චරිතය පිටිපස්සේ තියෙන සැඟවුණු, රසවත් කතාව.

2010 අවුරුද්දේ ජූලි මාසයේ 11 වනදා තමයි Downlow කියන නිර්මාණ ශිල්පියා විසින් මේ විකට කාටූන් චරිතය දියුණු තාක්ෂණයක් තිබුණත් Microsoft Paint වගේ සරල නිර්මාණ ක්‍රමවේදයක් පාවිච්චි කරමින් නිරිමාණය කරලා අන්තර්ජාලයට මුදා හරින්නේ. දුර දිග නො බලා එදා නිකමට වගේ කරපු එයාගේ අත්හදා බැලීම අද ලෝකයාගෙම භාව ප්‍රකාශනයේ කොටසක් වෙයි කියලා එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති නේද? එදායින් පස්සේ එක එක විදිහේ විකට කාටූන් මුහුණු අන්තර්ජාලයේ සැරිසරන්න පටන් ගැණුනත් මේ විකට චයිනිස් කාටූන් රූපය තරම්ම ප්‍රසිද්ධියක් ලබාගන්න වෙන කිසිමි කාටූනයකට පුළුවන්කමක් තිබුණේ නැහැ. කොහොම වුණත් මුලින්ම මේ විකට කාටූන් මුහුණ නිර්මාණය කරන නිර්මාණකරුවා මේක නම් කළේ අපේ වගේ රටකට නො ගැළපෙන වගේ අසංස්කෘතික නමකින් වුණත් පසු කාලීනව එක දිගට බිහිවෙන්න පටන් ගත්ත මේ වගේ මුහුණු අන්තර්ජාලයට මුදාහැරුණේ සිනහමුසු ආසියාතික පුද්ගලයා (Asian Laughing Guy) කියන පොදු තේමාවක් මුල් කරගෙනයි.

මේ විකට කාටූන් රූපයේ නිර්මාතෘ Downlow නිර්මාණ ශිල්පියා කියන විදිහට මේ කාටූන් මුහුණ නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නේ රසවත් කතාවක්. 2009 වසරේ මැයි මාසයේ යාඕ මින්ග් සහ රොන් ආර්ටෙස්ටි කියන ලෝක ප්‍රසිද්ධ චීන ජාතික බාස්කට්බෝල් ක්‍රීඩකයින් දෙන්නා තමන්ගේ බාස්කට්බොල් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුණු ව්ඕඒ NBA (National Basketball Association) තරඟයකින් 6වෙනි වතාවටත් ජයග්‍රහණය කිරීම ගැන මාධ්‍ය සාකච්ඡාවකට අදහස් ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවක රොන් ආර්ටෙස්ට් මාධ්‍ය ඉදිරියේ හාස්‍ය උපදවන කතාවකට මුල පිරීම නිසා යාඕ මින්ට දරාගත නො හැකි සිනහවක් ඇති වීම සහ ඒ අනපේක්ෂිත, මුහුණට විකට ස්වරූපයක් ආරූඨ කරන සිනහව කැමරාවවල සටහන් වීම පසු කාලයේ විකට කාටූන් චරිතයකට පණ පොවන්න සමත් වෙලා තියෙනවා.

මේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර යාඕ මින්ගේ කණ්ඩායම් සගයා ක්‍රීඩාගාරයේ සිදුවුණු එක්තරා අත්දැකීමක් විස්තර කිරීම තමයි යාඕ මින්ගේ මේ හිනාවට හේතුව වුණේ.

ඒ අත්දැකීම මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී රොන් ආර්ටේස්ට් විස්තර කළේ මෙහෙම. “අපේ රටේ ක්‍රීඩා පිටියක සෙල්ලම් කරපු නිසා අපිට cheer කරන්න විශාල සෙනගක් ක්‍රීඩාගාරය වට කරගෙන හිටියා. ජයග්‍රහණයේ සතුට වෙනුවෙන් අපේ ප්‍රේක්ෂකයින් අපිට සංග්‍රහ කළේ හිතාගන්න බැරි ප්‍රමාණයේ බියර් කෑන්වලින්. හැබැයි කැමරාකාරයෝ ටික අපිව වට කරගෙන හිටියේ නැත්නම් අපිටත් එතනම අපේ ජයග්‍රහණයේ සතුට හොඳට සමරන්න තිබුණා.” මේ කතාවට තමයි යාඕ මින්ග් කොක්හඬ තියමින් “හක හක” ගා ගෙන හිනාවුණු ඒ අවස්ථාව මාධ්‍යට අහුවෙලා තිබුණේ.

දැන් අවුරුදු 37ක් වයස කඩවසම් තරුණ යාඕ මින්ග් චීනයේ ෂැන්ග්හායි නගරයේ ඉපදුණු කෙනෙක්. ලෝක ප්‍රසිද්ධ Shanghai Shark කියන බාස්කට්බෝල් කණ්ඩායම නියෝජනය කළ යාඕ මින්ග් බාස්කට්බෝල් ක්‍රීඩාවට යොමු වෙන්නේ අවුරුදු 17දී. අඩි 7’6 ක් උස මෙයා කණ්ඩායමේ හිටපු උසම ක්‍රීඩකයා විදිහටත් ලෝක ප්‍රසිද්ධයි. හැබැයි මෙයා දැන් විශ්‍රාමිකයි කියලත් ආරංචියි.
පසු කාලීනව යාඕ මින්ග්ව මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනා කරන නිවේදිකාවක් එයාගේ ජීවිතය වෙනස් කළ මේ සිදුවීම ගැන එයාගෙන් මෙහෙම අහනවා. ඒකට යාඕ මින්ග් ළඟ තිබුණේ මෙන්න මේ වගේ ලස්සන උත්තරයක්.
“නිවේදිකාව : ඉන්ටර්නෙට් එකත් එක්ක කාළේ ගත කරන අද කාළේ තරුණ පරම්පරාව අතරේ අති ජනප්‍රිය මේ විකට කාටූන් රූපයේ ඉන්නේ ඔයාම ද? ඇත්තටම ඔයා මේ ප්‍රසිද්ධියෙන් කීයක් හරි උපයනව ද?”

“යාඕ මින්ග් : ඇත්තම කියනවා නම් ඒ මම නෙවෙයි. ඒක හැමෝගෙම අවධානයට යොමුවුණු හාස්‍ය, උපහාසයෙන් පිරුණු නිකම්ම නිකන් පින්තූරයක් විතරයි. හැබැයි මම විශ්වාස කරනවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදිහකට උපතින්ම මට උරුම වුණු මගේ පෙනුම, ශරීරයේ හැඩය, උස වගේ දේවල්වලින් ස්වභාවයෙන්ම මගේ පෞරුෂයට විකට ස්වරූපයක් එකතු කරනවා කියලා. ඒ දේ මගේ ජීවිතයේ අවසානය දක්වාම අරගෙන යන්න වගේම මාව මිනිස්සුන්ට වෙන විදිහකට ඔවුන්ගේ මතකයේ රඳවන්නත් මේ funny face එක, එක විදිහකින් හේතු වුණා කියලයි මට හිතෙන්නේ.”

එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: