කහ ඉර මතදී ටිපර් රථයක් සිසුවියක් බිලිගනී

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක උසස් පෙළ හදාරන සිසුවියක් ඊයේ (19) මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට කහ ඉර මතදී වැලි ප්‍රවාහනය කෙරෙන ලොරි රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මරණයට පත්ව ති‍බේ. මෙසේ මියගොස් ඇත්තේ නිමේෂී ප්‍රබෝධනී ගම්ලත් නැමැති දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියකි. ඇය උසස් පෙළ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගීවී ආපසු නිවස බලා යෑම සඳහා බස් රථයක් ලබා ගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇත. ‍ලොරි රථයේ රියදුරු මහනුවර පොලීසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු මහියංගණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි නාරංපනාව මහතාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උවින්දසිරි මහතා ඇතුඵ කණ්ඩායමක් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =