ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අධිකරණය හමුවට

June 28, 2017 | 3:54 pm    0   233

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අධිකරණය හමුවට

ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමාගේ ආදායම් වාර්තා ස්පාඤ්ඤ බලධාරීන් වෙත යොමුනොකර සිය සත්‍ය ආදායම වසන් කර ඇති බවට එරට රජය චෝදනා කරයි. එමගින් ආදායම් බදු අයකිරීමේදී ස්පාඤ්ඤ රජයට පාඩුවක් සිදුකර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඔහුට විරිද්ධව පැවැත්වෙන පරීක්ෂණයකට සහභාගී වීමට රොනල්ඩෝට සිදුවඇති අතර, එම පරීක්ෂණය සඳහා ඔහු ජූලි 31 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත්වීමට නියමිතය.

ස්පාඤ්ඤ ආදායම් බදු නිලධාරියෙකු පැවසුවේ රොනාල්ඩෝගේ රුව යොදාගෙන කළ ප්‍රචාරණ කටයුත්තක් සඳහා අයකෙරෙන ලද මුදල පිළිබඳ සත්‍ය වාර්තා, 2011 සිට 2014 දක්වා වන වසර 3ක කාලයක් තිස්සේම රොනාල්ඩෝ විසින් සඟවාගෙන සිටි බවයි.

පෘතුගාල ජාතිකයෙකු වන 32 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩා සමාජය වන රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ පෙර පෙළ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ වාර්ෂික ආදායම යුරෝ මිලියන 32 ඉක්මවයි.

කෙසේවෙතත් රොනාල්ඩෝ විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: