ක්‍රීඩාංගනයක් අසල බෝම්බ පිපිරීමකින් සනත්, මහරුෆ් නුලෙන් බේරෙයි

September 14, 2017 | 1:26 pm    0   919

ක්‍රීඩාංගනයක් අසල බෝම්බ පිපිරීමකින් සනත්, මහරුෆ් නුලෙන් බේරෙයි

සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු පිරිසක් සිටි ක්‍රීඩාංගනයක් අසල ඊයේ (13) මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුවී තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අසලදීය.

මෙම පිරිස ඊයේ (13) එහිදී ක්‍රිකට් තරගයකට එක ඇති අතර බෝම්බ පිපිරිම සිදුවන අවස්ථාවේ එම පිරිස ක්‍රීඩාංගනයෙන් ඈත ස්ථානයක සිට ඇති බවද වාර්තා වේ.

මරාගෙන මැරෙන  බෝම්බකරුවකු විසින් සිදු කළ මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ක්‍රිකට් ක්‍රීඩාංගණය අසළ සෝදිසි මුරපොළකදී ඊයේ (13) මෙම පිපිරීම සිදුවී ඇති බවඩ් වාර්තා වේ.

තරගය නිමා කරමින් සනත් ජයසූරිය සහ ෆර්වේස් මහරූෆ් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අශාන් ප්‍රියන්ජන සහ ග්‍රැහැම් ලැබ්රෝයි තවමත් තරගයට සහභාගි වෙමින් සිටිනවා.

මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවද තර කර ඇති බවයි පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: