“ක්‍රීඩාව කියන්නේ සූදුවක් නෙමෙයි”

February 2, 2017 | 2:47 pm    0   868

“ක්‍රීඩාව කියන්නේ සූදුවක් නෙමෙයි”

ක්‍රීඩා කළ යුත්තේ ක්‍රීඩාවෙන් ජයග්‍ර‍හණය කිරීමේ අරමුණෙන් මිස පළමුවැනියා වීමේ අදහසින් නොවන බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම පසුගිය දිනෙක ක්‍රීඩා සමාජ අතර පැවති තරඟයකදී තරඟ පාවාදීමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බවත්, එවැනි තත්ත්වයන් සිදු නොවිය යුතු තත්ත්වයක් බවද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපි ක්‍රීඩා කළ යුත්තේ ක්‍රීඩාවෙන් ජයග්‍ර‍හණය කිරීමේ අරමුණෙන්. පළමුවැනියා වීමේ අදහසින්. එතැනදි පළමුවැනියා නොවී දෙවැනියා හෝ තුන්වැනියා වීමත් අපි ආඩම්බරයෙන් වගේම සන්තෝෂයෙන් පිළිගන්න අවශ්‍යයි. නමුත් අද වනවිට මේ රටේ ඇති වෙලා තියෙන්නේ වෙනස් තත්ත්වයක්. දින කිහිපයකට පෙර මට දැනගන්න ලැබුණා, ක්‍රීඩා සමාජ අතර පවත්වන තරඟ පවා තරඟ පාවාදීමේ තත්ත්වයකට පත්වෙලා තියෙන බවක්. ඒ කියන්නේ පසුගිය සති කිහිපයකට පෙර ක්‍රීඩා සමාජ දෙකක් ඊළඟ තරඟාවලියට යෑම සඳහා ඒ ක්‍රීඩා සමාජ දෙකම එකතු වෙලා තරඟ පාවාදීමේ කටයුත්තක් කරලා තියෙනවා කියලා මට දැන ගන්න ලැබුණා. මම මේ සම්බන්ධව ක්‍රීඩා ඇමතිතුමා සමඟත් කතා කළා. එතුමාට ලිඛිතවත් දැන්වුවා.

මේ ක්‍රීඩා සමාජ දෙකේ ඉන්න නිලධාරීන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න නිලධාරීන්. මොවුන් එකතුවෙලා මේ තරඟ දෙක ඉතාම නරක විදියට පාවාදීමේ කටයුත්තක් කරලා තියෙන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. මෙවැනි දේවල් රටක සිදුනොවිය යුතුයි. ඒ නිසා තමයි මේ දරුවන්ට කියෙන්නේ ක්‍රීඩාව කියන එක හරි විදියට කරන්න ඕන. නමුත් අද මම දකින දෙයක් තමයි ක්‍රීඩාව හරහා සූදුව එන එක. ඕනම ක්‍රීඩාවක් කරන විට දිනුම පැරදුම පිළිගත යුතුයි. මගේ ක්‍රීඩා ජීවිතයේත් ක්‍රීඩා කරද්දී පරාජය වුණාම එය පිළිගන්න අපි පුරුදු වෙලා තිබුණේ… ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: