ක්‍රීඩා ඇමතිධුරය එස්.බී. දිසානායකට ?

සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කිරීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විට ක්‍රිකට්, රගර්, හොකී ඇතුළු ක්‍රීඩා ගණනාවක් පසුගාමී තත්ත්වයක තිබිම මිට හේතුව බව ඔවුන් පවසයි. නමුත් මේ වනවිට ක්‍රීඩා අමාත්‍ය ධුරය දරනු ලබන්නේ නීතීඥ දයාසිර්රි ජයසේකර මහතා විසිනි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පත් කල යුත්තේ ශ්‍රීලනිපයෙනි.

එස්.බී.දිසානායක චන්ද්‍රිකා පාලන සමයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර එකල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යහපත් තත්ත්වය තිබු බව ද  ඔවුහු පවසති.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =