කාන්තාවන්ට කලිසම් ඇඳීමේ අයිතිවාසිකම වෙනුවෙන්, පළමු වරට කලිසමක් ඇඳි ඇය….

March 2, 2017 | 1:42 pm    0   415

කාන්තාවන්ට කලිසම් ඇඳීමේ අයිතිවාසිකම වෙනුවෙන්, පළමු වරට කලිසමක් ඇඳි ඇය….

ඇදුම් විලාසිතා ගැන හිතනකාට පිරිමි වෙච්ච අපිට වඩා කාන්තාවෝ ඉදිරියෙන් ඉන්නවා. අද වෙනකොට අපේ කාන්තාවෝ විවිධ විලාසිතා වලට හුරු වෙලා ඉන්නවා.. ඒ අතර මුල් තැනක් ගන්නේ කලිසම් විලාසිතා.ඔය කලිසම ඉස්සර ඉදන්ම පිරිමින්ගේ ඇඳුමක් , කලිසමේ ඉතිහාසය පස්සේ කතා කරමු මේ කියන්න යන්නේ ඔය කලිසම ඇඳපු ලෝකයේ පළමුවැනි කාන්තාව ගැන. එයා තමා එලිසබෙත් ස්මිත් මිලර්. ඇමරිකානු ජාතික කාන්තාවක් වෙච්ච මෙයා ඉපදිලා තියෙන්නේ 1822 සැප්තැම්බර් 20.එකල විසූ දානපිතියකුගේ දියණියක වූ එලිසබෙත් නව ඇඳුම් නිර්මාණ ශිල්පයද හදාරා තිබුන අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳද පෙනී සිටියා.

කාන්තාවන්ට කලිසම් ඇදීම අයිතිවාසිකමක් කරමින් ඇය ලෝකයේ පළමු වරට 1851 දී “කලිසමක්” ඇන්දා. ඇය මුලින්ම ඇන්දේ ඔය දෙවෙනි පින්තූරේ දැක්වේන තුර්කි කලිසම් විලාසිතාවක්.ඇයත් සමඟම ඇගේ යෙහෙළියක් දෙදෙනෙකුද කලිසම් විලාසිතා දෙකකින් සැරසුනා.කලිසමේ ඇති පහසුවත් ආරක්ෂාවත් තමන්ට වැදගත් බව පෙන්වා දෙමින් ඇය කලිසම ඇඟලා ගත්තා.කලිසම ඇඳිමෙන් පසුව ඇය මෙහෙම කිවුවා. “දකින අය මේක කොහොම දැක්කත් මේක අපට හරි පහසුවක්“ කියලා.මුලදී මෙම වෙනස පිළිබඳව විවිධ මත පළවුනත් කාලයත් සමඟ විලාසිතා වෙනස් වෙමන් කාන්තා කලිසම ලෝකය පුරාම පැතිරී ගියා.ඒ අකාරයට කාන්තාවන්ගේ ඇඳුම පහසු කර දුන් ඇය අවුරුදු 89 ක් ආයු වළඳා 1911 මැයි 22 මෙලොවින් සමුගත්තා.

පළමුවැනි පින්තූරේ ඉන්නේ එළිසෙබත්.දෙවන පින්තූරයේ දැක්වෙන්නේ එකල චිත්‍ර ශිල්පියෙක් ඇය කලිසම ඇඳපු දවසේ ඇයව චිත්‍රයට නගපු හැටි.තුන් වෙනි පින්තූරේ ඇය පෙන්වන්නේ කලිසම නිසා ඇයට සිදුවූ පහසුව බයිසිකලයක් පදිමින් පෙන්වන ආකාරයයි.සිවුවන පින්තූරයෙන් පෙන්වන්නේ ඇස සහ ඇයත් සමඟ කලිසම් ඇදපු ඇගේ යෙහෙළියන් දෙදෙනා සමග මාර්ගයේ ගමන් කරන විට පිරිමින් පුදුමයෙන් ඔවුන්ගේ විලාසිතාව දෙස බලා සිටින ආකාරයයි.

ඉතිං ඔබත් කලිසම අඳින එයින් විලාසිතා මවන , තදට, බුරුලට හෝ ඉරුණු කලිසම් අදින කාන්තාවක් නම් ඔබ කෙදිනකවත් “එලිසෙබත් මිලර්“ මැතිතුමිය අමතක නොකල යුතුය..

කාන්තාවන්ට කලිසම් ඇඳීමේ අයිතිවාසිකම වෙනුවෙන්, පළමු වරට කලිසමක් ඇඳි ඇය....

හසිත හේරත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: