කාන්තා ඇඳුමකින් සැරසි සිටි තරුණයෙකු දඹුල්ලේදී ඝාතනය කෙරේ..

September 5, 2017 | 12:45 pm    0   851

කාන්තා ඇඳුමකින් සැරසි සිටි තරුණයෙකු දඹුල්ලේදී ඝාතනය කෙරේ..

කාන්තා ඇඳුමකින් සැරසි සිටි තරුණයෙකුගෙ මළ සිරුරක් දඹුල්ල නගරයේදී අද (05) අලුයම සොයාගෙන ඇත.

මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ පොලු වලින් පහරදී මෙම තරුණයාව ඝාතනය කර ඇති බවයි. දඹුල්ල කලුන්දැව වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

දඹුල්ල නගරයේ කුලී රථ නැවතුමේ මොහු වැටි සිටිනු දුටු පුද්ගලයෙකු අලුයම 2 පමණ ඒ බව පොලිසියට දන්වා ඇත.

පහර දී ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ළි දඬු සහ මෙම පුද්ගලයාගේ බවට සැක කෙරෙන අත් ඔරලෝසුවක් ද සොයාගෙන ඇත.

මිය යන අවස්ථාවේදී කාන්තා ඇඳුමකින් සැරසි සිටි සිටි මෙම පුද්ගලයා රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ නිතරම කාන්තා ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරිය පොලිසියට සඳහන් කර ඇත්තේ අලුයම 3ට පමණ කිසියම් පුද්ගලයෙකු තමාට දුරකථන ඇමතුමක් ලබාදී තම සහෝදරයා ඝාතනය කර බව සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: