කාන්තා දේහ ලක්‍ෂණ ඇති රූපලාවන්‍ය ශිල්පියෙක් නිසා අලුත්ගම පාසැල් සිසුන් දෙදෙනෙකුට HIV හැදිලා!

March 13, 2017 | 11:00 am    0   478

කාන්තා දේහ ලක්‍ෂණ ඇති රූපලාවන්‍ය ශිල්පියෙක් නිසා අලුත්ගම පාසැල් සිසුන් දෙදෙනෙකුට HIV හැදිලා!

අලුත්ගම ප්‍රදේශයේ පාසැලක සිසුන් දෙදෙනෙකුට HIV ආසාදිත වී ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් ඔවුන් පොලිස් භාරයට ගෙන රෝහල් ගතකර ඇති අතර ඔවුන්ට මෙලෙසින් HIV අසාදනය වූයේ කෙසේදැයි කළ පරීක්ෂාකිරීමකදී  සිසුන් දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පියකු ද ඔහුට මෙම සිසුන් දෙදෙනා සැපයූ බව කියන පුද්ගලයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කාන්තා දේහ ලක්‍ෂණ සහිත රූපලාවන්‍ය ශිල්පියා මනාලියන් හැඩගැන්වීමේ දක්‍ෂතා දක්‌වන්නෙක් බවටද වාර්තා වන අතර බන්ධනාගාරය තුළ මොහු වෙනම කුටියක රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කර ඇතැයිද දැනගන්නට ලැබෙනවා.

HIV ආසාදිත සිසුන් දෙදෙනා අවුරුදු 14 සහ 16 වයසේ පසුවන බවත් එක්‌ සිසුවකුගේ මව හා පියා විදේශගත වී ඇතැයි ද මෙම දරුවා මිත්තනියගේ රැකවරණ යටතේ පසුවන බව ද දැනගන්නට ලැබෙනවා.

දෙමාපියන් සිය දරුවන් ගැන නිසි අයුරින් සොයා නොබැලීම නිසා මෙම දරුවන් මෙවැනි අවාසනාවන්ත රෝගවලට ලක්‌වන බව ප්‍රකාශ කළ පොලිසිය, පොලිස්‌ කාන්තා කාර්යාංශ නිලධාරීන් පාසල්වලට ගොස්‌ දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ද පවසනවා.

රිපොර්ටර්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: