කාර් කිස්

April 21, 2017 | 12:00 pm    0   229

කාර් කිස්

 

මේ අය මොකද මේ කරන්නේ කාර් එකක් ඉඹගෙන? ඒක සමහර විට කෙල්ලෙක්ව එහෙම නැත්නම් කොල්ලෙක්ව ඉඹිනවාට වඩා රසවත් වෙන්නත් පුළුවන්.ඇත්තටම මේක තරඟයක්.එක දිගට පැය 50ක් කාර් එකක් ඉඹගෙන ඉන්නා තරඟයක්.

අමෙරිකාවේ ටෙක්සාසයේදී KIA මොටර් රථ සමාගම හා එරට kissFM ගුවන් විදුලිය එකතුවී කල අමුතුම තරඟයක්.මූලික වටයෙන් තෝරාගන්නා ලද තරගකරුවන් 20 දෙනෙකු මේ තරගයට සහභාගි වුනා. සිප ගැනීම සඳහා යොදවා තිබුනේ අලුත්ම KIA Optima 2017 මෝටර් රථ දෙකක්.එක රථයක වටිනාකම ඇමරිකානු ඩොලර් 22,000ක්.

තරගකරුවන් තම දෙතොලම කාර් රථයේ තබාගත යුතුව තිබුනා.ඒ සඳහා ඔවුන්ට රථයේ ඕනෑම ස්ථානයක් ඉඳගෙන , හිටගෙන හෝ බොනට්ටුව මත වැතිරී සිපගැනීමේ අවස්ථාව ලබාදී තිබුනා.සෑම පැයකටම ඔවුන්ට විනාඩි 10ක විවේකයක් පමණක් ලැබුනු අතර වැසිකිලි අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් වෙනම ඉඩක් ලැබුනා. තරගය ආරම්භ වූවේ සඳුදා(17) උදෑසනයි.එය එරට මාධ්‍ය ගණනාවක සජීවීව විකාශය කෙරුනා.කෙතරම් ආශාවෙන් මෝටර් රථය සිඹගෙන සිටියත් තරගය ඇරඹූ වෙලාවේ සිට පැය 24 ක් ගෙවෙන තැනදී තරඟකරුවන් 9 දෙනෙකු තරගයෙන් ඉවතට විසිවී තිබුනේ නින්ද යාම නිසා හා ශරීරයට දැනුනු විවිධ පීඩා නිසා දෙතොල රථයෙන් ඉවතට යෑමයි.

බදාදා(19) වන විට තරගකරුවන් 7 දෙනෙකු පමණක් තරගයේ සිටි අතර නිදි වරමින් හා මුහුණට හා මුඛයට දැනුනු අපසුතා මධ්‍යයේ බදාදා සවස් වන විට පැය 50 ඉතා සාර්ථකව මෝටර් රථය සිඹගෙන සිටිමින් තරගය අවසන් කිරීමට ඔවුන් 7 දෙනාම සමත් වුනා.එහෙත් මෝටර් රථය ලබාදෙන්නේ එක් අයෙකුට පමණක් නිසා කුසපත් ඇදීමක් සිදුකල අතර එයින් අලුත්ම KIA Optima මෝටර් රථය දිනාගනු ලැබූවේ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ ඇමරිකාවේ පදිංචි දිලිනි ජයසූරියයි(30). ඇයට හිමි රථයේ යතුර(රූපයේ ඇති මෝටර් රථය) එම මොහොතේම ඇය වෙත පිළිගැන්වුනා.

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: