කැන්ඩි පිට පිට තෙවැනි වරටත් ලීග් රග්බි ශූරතාවය ඩැහැ ගනියි

February 6, 2017 | 9:58 am    0   405

කැන්ඩි පිට පිට තෙවැනි වරටත් ලීග් රග්බි ශූරතාවය ඩැහැ ගනියි

පිට පිට තෙවැනි වරටත් අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව තමන් සතු කරගනිමින් මෙවර අන්තර්සමාජ ලීග් රග්බි තරගවාරයේ ශූරතාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කරගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

ඒ තරගාවලියේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තීරණාත්මක හැව්ලොක්ස් කණ්ඩායම සමගින් පැවැති තරගය ලකුණු 25-11 ක් ලෙසින් ජය ගනිමිනි.

තරගයේ පළමු අර්ධය ලකුණු 8-6 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් නිමා කිරීමට සමත් වූ මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කරගනිමින් ජය වාර්තා කිරීමට සමත් වූයේ අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව දිනාගත් 18 වැනි අවස්ථාව සටහන් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: