කිවි දේශයේ තල්මසුන් 300ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

February 11, 2017 | 10:42 am    0   471

කිවි දේශයේ තල්මසුන් 300ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

නවසීලන්ත ඉතිහාසයේ දශක තුනකට පසුව මුහුදු වෙරළට ගොඩගැසීම හේතුවෙන් තල්මසුන් බොහෝ ප‍්‍රමාණයක් මරණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්ත දකුණු දූපතේ, උතුරුදිග පිහිටි සමුගැනීමේ තුඩුව ලෙස ප්‍රචලිත වෙරළ තීරයට පසුගියදා ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ පෙනුම ගත් කුඩා තල්මසුන් (Pilot Whales) සිය ගණනක් ගොඩගසා තිබුණි.

මේ පුවත වැකුණු සැණින් 500කට අධික පිරිසක් මෙම අසරණ සතුන් එම අවසනාවන්ත තත්ත්වයෙන් මුදාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගනු ලැබුවත්, අවම වශයෙන් තල් මසුන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවසේ.

බොහෝ වර්ෂවල මේ ආකාරයෙන් තල් මසුන් මුහුදු වෙරළට ගොඩගැසීමේ පුවත් වාර්තා වුවද තල්මසුන් මෙපමණ විශාල පිරිසක් මුහුද වෙරළට ගොඩගැසීමක් එරට ඉතිහාසය තුළ අවසන් වරට වාර්තා වී තිබුණේ 1985 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: