කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් විශේෂ තාක්ෂණික කණ්ඩායමක්

April 16, 2017 | 1:27 pm    0   148

කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් විශේෂ තාක්ෂණික කණ්ඩායමක්

මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය තීරණය කර තිබේ.

මෙම ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින් සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමින් ජපාන අග්‍රමාත්‍ය ෂින් ෂෝ අබේ මේ බව සඳහන් කරමින් විශේෂ තාක්ෂණික කණ්ඩායම මීතොටමුල්ල කුණු කන්දට අදාළව ඉදිරි සැලසුම් සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීමට නියමිත බව සඳහන්ය..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් ජපාන අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම අවසනාවන්ත සිදුවීම පිළිබඳ ජපාන රජය සහ ජනතාව බලවත් කණගාටුව පළ කරන බවයි.

විපතට පත් ජනතාවට යළි සිය සාමාන්‍ය ජීවන තත්ත්වය උදාකර ගැනීම සඳහා ජපාන රජයේ පූර්ණ සහය ලබාදෙන බව ද ජපාන අග්‍රමාත්‍යවරයා සිය පණිවිඩයෙන් දැනුම් දී ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: