කුරුදුවත්ත පොලිසියෙන් විමල්ට තවත් නඩුවක්

April 25, 2017 | 8:00 am    0   223

කුරුදුවත්ත පොලිසියෙන් විමල්ට තවත් නඩුවක්

හජනයාට හිරිහැර හා පිඩා සිදුවන ආකාරයට උද්ඝෝෂණයක් පැවැත්විමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කිරිමට ක්‍රියා කරන බවට කුරුදුවත්ත පොලිසිය පෙරේදා (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතත් හත්වන සැකකරුවු ශබ්ද විකාශන යන්ත්‍රය සවිකර තිබු ලොරි රථයේ හිමිකරු චමින්ද ජයලාල් නැමැත්තා පොලිසියට ලබා දි ඇති ලිපිනයේ නොමැති බවත් ඔහු සොයා ගත නොහැකි වි ඇති බැවින් සෙසු සැකකරුවන්ට ද විරුද්ධව පැමිණිල්ල ගොනු කිරිමට හැකියාවක් නොමැති බවට කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.
වර්ෂ 2016/2/16 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේ මහජන පීඩාවක් ඇති වන ආකාරයට උද්ඝෝෂණයේ නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රි හත්දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ,මොහොමඩ් මුසාමිල්,විරකුමාර දිසානායක,රොජර් සෙනෙවිරත්න,ජයන්ත සමරවිර,පියසිරි විජේනායක යන අය පෙරේදා (24) අධිකරණය හමුවේ පෙනි සිටියහ.
ජනාධිපති නිතිඥ ජයන්ත විරසිංහ මහතා මෙහදි පැවසුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කිරිමට නියමිත බැවින් දිර්ඝ දිනයක් ලබා දෙන ලෙසටය.
අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ඉදිරි දින සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරිමට පොලිසියට නියම කරමින් සැප්තැම්බරු 18 වන දිනට පැමිණිල්ල කැදවිම කල් තැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: