කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානයේ ගින්නකින් ස්ථානාධිපතිනි මරුට

August 29, 2017 | 11:02 am    0   558

කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානයේ ගින්නකින් ස්ථානාධිපතිනි මරුට

කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානයේ ඇතිවූ ගින්නකින් එහි තැපැල් ස්ථානාධිපතිනි මරණයට පත්වී ඇත. අද (29) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රදේශවාසින් විසින් එම ගින්න පිලිබඳ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය විසින් ගින්නට හසුවී පිලිස්සි ගිය මල සිරුර සොයාගෙන ඇත.

කුරුඳුගහහැතැප්මේ පදිංචි 49 හැවිරිදි කන්චනමාලා නමැති අය මෙලෙස මියගොස් ඇත.

මළ සිරුර මේ වනවිට ඇල්පිටිය රෝහලේ තැන්පත්කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැතිවි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: