කුලියට ගත් ගර්භාෂයක් මඟින් සිය දරුවා බිහිකර ගත් බොලිවුඩයේ ප‍්‍රථම තනිකඩ පියා.

March 15, 2017 | 1:00 pm    0   424

කුලියට ගත් ගර්භාෂයක් මඟින් සිය දරුවා බිහිකර ගත් බොලිවුඩයේ ප‍්‍රථම තනිකඩ පියා.

කුලියට ගත් ගර්භාෂයක් මඟින් සිය දරුවා බිහිකර ගත් බොලිවුඩයේ ප‍්‍රථම තනිකඩ පියා තුෂාර් කපූර්ය. නළුවෙකු මෙන්ම ‘‘මෙච්චර කල්ම හුඟක් දෙනෙක් කළේ අනුන්ගේ දරුවෝ අරගෙන හදා ගත්ත එක. ඒත් දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවට පින් සිද්ද වෙන්න විවාහ නොවුණත් තමන්ගෙම දරුවෙක් බිහිකර ගන්න පුළුවන්කම තියෙනවා.’’

තුෂාර් කපූර් කියයි.

ඔහුගේ පුතු ලක්ෂ්‍ය බිහිවූයේ 2016 ජුනි මාසයේදීය. ඔහු පුතු ගැන කතා කරන්නේ ලොකු ආඩම්බරයකිනි.

‘‘ඇත්තටම ඒක අමුතුම විදියෙ සතුටක්.. තනිකඩ තාත්තා කෙනෙක් වුණාට විශ්වාසයකින් හිත පිරෙනවා. කාලය කළමනාකරණය කර ගත්තේ කොහොමද කියන හැඟීම හිතට එනවා. තමන්ගෙ ශක්තිය තවත් කෙනෙක් වෙනුවෙන් වැය කරන්න ඕන. එතකොට තමන්ට තමන් අහිමි වෙනවා.’’

තුෂාර් කපූර් පැවසුවේ බොලිවුඩයේ දෙවන තනිකඩ පියා කරන් ජෝහාර් පිළිබඳ සාකච්ඡාවකදීය.

කුච් කුච් හෝතා හේ වැනි ජනප‍්‍රිය පේ‍්‍රමණීය චිත‍්‍රපටි නිෂ්පාදනය කරන කරන් ජෝහාර් ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රසිද්ධව සිටින්නේ සමලිංගිකයෙකු වශයෙනි. එය ස්ථීර කරන්නට හෝ ප‍්‍රතික්ෂේප කරන්නට කරන් කිසිදු පියවරක් ගත්තේ නැත. දරුවෙකු හදා වඩා ගැනීමේ අවශ්‍යතාව ගැන ඔහු බොලිවුඩයේ හිතවතුන් සමඟ සාකච්ඡා කර ඇත්තේ වසර ගණනාවකට පෙර සිටය.

ඔවුන්ගේ උපදෙස් හෝ ආදර්ශ ගුරුකොට ගනිමින් ඔහුද තනිකඩ පියෙකු බවට පත් වූයේය. තමා නිවුන් දරු දෙදෙනකුගේ පියෙකු වූ බව කරන් ජෝහාර් මාධ්‍යයට හෙළි කළේ දරුවන් ඉපදී මාසයකට පසුවය. ඔහු ඔවුන් නම්කර ඇත්තේ රහාහි සහ යාෂ් ජෝහාර් වශයෙනි. යාෂ් ජෝහාර් කරන්ගේ් පියාය. ඔහු පුතුට ඒ නම යොදා ඇත්තේ සිය මියගිය පියාට කරන උපහාරයක් වශයෙනි. මේ අලූත් පියාට සුබ පැතුම් වැසි වසිමින් තිබේ.

‘‘කරන් ජෝහාර් විශිෂ්ට තාත්තා කෙනෙක් වෙනවා කියලා මට හොඳටම විශ්වාසයි. මම මේ කියන්නේ මගේම අත්දැකීම් ඇසුරින්. ඇත්තටම විවාහක යුවලකට නම් මව්පියන් වීමේ ආස්වාදය මුල ඉඳන්ම අත් විඳින්නට ලැබෙනවා. බිරිඳ තුළ ඇතිවන ශාරීරික වෙනස්කම් මාස දහයක් දරුවා කුස තුළ වැඩෙද්දී ඔහුගේ දැඟලීම් ඇස්වලට පෙනෙනවා. අත්වලට දැනෙනවා. තනිකඩ තාත්තා කෙනෙකුට ඒ දේවල් විඳින්න ලැබෙන්නෙ නෑ. තමන්ගේ දරුවා ගෙදරට ගෙනාවට පස්සේ තමයි ජීවිතය වෙනස් වෙන්නේ. වෛද්‍යවරු මගේ දරුවා ඉපදුණ ගමන්ම ගත්ත ඡායාරූප මට එව්වා. මම ඒවා දිහාවෙ බලාගෙන හිටයෙ මේ ඉන්නෙ මගේ දරුවද කියලා අදහා ගන්න බැරිව. එයා ගෙදර ගෙනාවට පස්සේ තොටිල්ලෙ තියලා මම මුළු රැයක්ම බලාගෙන හිටියා මට නිදිමතක් දැනුණෙම නෑ. කරන්ටත් මට දැනුණ හැඟීම් ඒ විදිහටම දැනෙවි කියලා මම විශ්වාස කරනවා.

එසේ කියන්නේ තුෂාර් කපූර්ය.

ලක්‍ෂ්‍ය පුතු හදා වඩා ගැනීමට ඔහුගේ මව ශෝභා කපූර්ගෙන් පියා ජීනේන්ද්‍රගෙන් සහ සොයුරිය එක්තාගෙන් ලැබෙන්නේ අනගි සහයකි.

‘‘කරන්ටත් ඔහුගේ අම්මා හිණ ජෝහාර්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව විශ්වාසයි. නමුත් දරුවෝ ඉන්න තනිකඩ තාත්තා කෙනෙකුට තමන්ගේ දවසේ වැඩ කටයුතු නූලටම සැලසුම් කර ගන්න සිද්ධ වෙනවා. වගකීම කියන හැඟීම තදින්ම හිතට දැනෙනවා.

තුෂාර් කියන්නේය.

කුලියට ගත් ගර්භාෂයක් තුළින් දරුවන් බිහි කරවා ගත් තනිකඩ පියවරුන් අඩු වුවත් විවාහකයන්ගෙන් නම් අඩුවක් නැත. බොලිවුඩයේ පතළ නම් ඇති කිහිප දෙනෙක්ම මෙම ක‍්‍රමවේදයෙන් දරුවන් ලබාගෙන තිබේ.

– රිපොර්ටර්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: