කෙළවරක් නැති “ගුවන් යානා ධාවන පථය”

March 24, 2017 | 12:00 pm    0   340

කෙළවරක් නැති “ගුවන් යානා ධාවන පථය”

1903 රයිට්ස් සහෝදරයන් විසින් සොයාගත් අහසේ පියඹා යන යාත්‍රාව අද වන විට බොහෝ නවීකරණය වී දැවැන්ත පිමි ගණනාවක් පැන අවසන්. A380 වැනි යානා දක්වා පැමිණ ඇති මෙම අහස් යානා වල බර ටොන් ගණනාවක්. මිනිසාගේ මොළයේ විශ්මිත සොයාගැනීම් නිසා මෙවැනි ටොන් ගණන් බර වස්තූන් අහසේ පා වී යාම අද වන විට සරල කාරණාවක් වී අවසන්.

එකතැන ඉහළට එසවෙන ගුවන් යානාද මේ වන විට නිපදවා තිබුනත් අනෙක් සෑම යානාවක්ම ගුවන් ගත වන්නේ පැයට සැතපුම් 160 ට අධික වේගයකින් පොළව මත කිසියම් දුරක් ගමන් කිරීමෙන් නියමිත උඩුකුරු තෙරපුම ලබාගැනීමෙන් අනතුරුවයි. එහෙත් ගුවන් යානාවල බර සහ යොදන බලය අනුව පොළව මත ගමන් කල යුතු දුර වෙනස් වනවා. සුළං සහිත වේලාවක හිම පතනය වන වේලාවක මෙම අගයන් තවත් වෙනස් වනවා. සමහර විට නියමිත උඩුකුරු තෙරපුම් බලය නොලැබී ගුවන් පථය අවසානයේ ගුවන් යානා අනතුරුට ලක්වූ අවස්ථාද වාර්තා වනවා. යානා බැස්සවීමේදීද මෙම සුළං තත්ව හා හිම පතන තත්වයන් ගැන අමුතුවෙන් සිතිය යුතු වනවා.ගුවන් පථය සීමා සහිත නිසා බොහෝ විට නියමුවන් තම උපරිම අවධානය යොමු කරනවා

රූපයේ දැක්වෙන්නේ ගුවන් පථය පිළිබඳ ඉදිරිපත් වූ නවතම සැලැස්මයි. නෙදර්ලන්තයේදී ඉදිරිපත්වූ මෙම සැලැස්ම නවතම ගුවන් තොටුපලක් දක්වා ගෙන ඒමට සැලසුම් වී තිබෙනවා. මෙහි දැක්වෙන්නේ තොටුපල මධ්‍ය ගත කල එය වටා විහිදී යන කිලෝමීටර් 3 ක පරිධීය ගුවන් පථයයි. එය මදක් ඇතුලට ආනතව ඉදිරනු ලැබේ. සුළගින් වන බලපෑම්ද මගින්ද යානාවට බලයක් ලබාගත හැකි මෙම පථයේ අවසානයක් නොමැති නිසා නියමුවන්ට ඇති අවධානම අඩුවන බව පැවසේ. එකම දිසාවකට නැග්ම හා බැස්ම සිදුකරන නිසා එක්වරකට ගුවන් යානා දෙකක්ද මෙහෙවිය හැකි බව පැවසේ. මදක් ආනතව ඇති ගුවන් පථය නිසා ප්‍රධාන රෝද ක්‍රියාත්මක වන්නේද රේඛීය පථයක ගමන් ගන්නා ආකාරයටම වීම විශේෂත්වයකි.

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: