කොටදෙණියාව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

June 25, 2017 | 10:16 am    0   220

කොටදෙණියාව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

කොටදෙණියාව – හෙලගම කිතුල්වල ප‍්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු දැරියගේ පියා බව පොලිසිය සඳහන් කරයි. 47 හැවිරිදි  පුද්ගලයෙක්ඔ වන හු කිතුල්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (25) මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (23) රාත‍්‍රී 11.00 ට පමණ මෙම සැකකරු තම බිරිඳට සහ දියණියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

ඔවුන්ව මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හය හැවිරිදි දැරිය ඊයේ (24) ජීවිතක්ෂයට පත් වුණා.

තුවාල ලැබූ මව සහ නව හැවිරිදි අනෙක් දියණිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: