කොම්පඤ්ඤවීදියෙන් සොයාගත් අත් බෝම්බ නිෂ්ක්‍රිය කෙරේ

September 22, 2017 | 7:21 pm    0   238

කොම්පඤ්ඤවීදියෙන් සොයාගත් අත් බෝම්බ නිෂ්ක්‍රිය කෙරේ

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ තිබී සොයාගත් අත් බෝම්බ 03 මේ වනවිට නිෂ්ක්‍රිය කර ඇති බව වාර්තා වේ.

අද (22) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අත් බෝම්බ සොයාගැනීමට හැකිවී ඇත.

රාජ්‍ය සංස්ථාවක වාහන අංගනයක වසා දමා ඇති ගේට්ටුවක් අසළ ඉවත් කරන ලද වාහනයක් යට තිබී මෙම අත්බෝම්බ සොයා ගැණුනු බවයි පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව එම් අත්බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද මෝදර – මාදම්පිටිය පොදු සුසාන භූමියේදී නිෂ්ක්‍රිය කල බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: