කොරියානු මුහුදු පතුලේ සැඟවුණු ලංකාවේ අනුර ක්‍රිෂාන්ත

May 27, 2017 | 10:00 am    0   191

කොරියානු මුහුදු පතුලේ සැඟවුණු ලංකාවේ අනුර ක්‍රිෂාන්ත

 

දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටියදී පසුගියදා මුහුදේ ගිලි මියගිය අනුර ක්‍රිෂාන්ත තරුණ මහතාගේ සිරුර හමුවී තිබේ.ඔහු මීට වසර දෙකකට පමණ පෙර දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියාවකට පැමිණ ඇති අතර ඔහුට දරුවන් දෙදෙනකු සිටින බවද වර්තවනවා.

මෘත දේහය ඉතා ඉක්මනින් ලංකාවට එවීමට කටයුතු කරන බව කොරියානු රජය පවසනවා.
ඔහු සේවය කල ආයතනයේ ප්‍රධානියා යටතේ ගිවිසුම් ගත නොවී සේවය කර ඇති අතර වෙනත් ආයතන ප්‍රධානියෙකු යටතේ ගිවිසුම් ගතව අදාල ආයතනයේ සේවය සඳහා යොමු කර ඇත.ඒ අනුව ඔහුට හිමිවන නිත්‍යානුකුල වන්දිය ලබාගැනීමට අපහසු වන බවත් අදාල වන්දි මුදල ගෙවීමට ආයතන ප්‍රධානියා එකඟවී ඇති බවත් සඳහන්.

කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් තමාගේ හැඳුනුම් පතේ සටහන්ව ඇති ලිපිනයේ සේවයේ නියුතු වියයුතු අතර වෙනත් ස්ථානයක සේවය කිරීම නීති විරෝධී වරදක් බව එරට කම්කරු අංශය පවසනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට තානාපති කාර්යාලයේ කම්කරු සම්බන්දතා අංශය මේ වන විටත් අදාල කටයුතු සොයා බැලීමට අපොහොසත් වී ඇති බවට එරට ශ්‍රී ලාංකිකයෝ චෝදනා නගති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: