කොල්ලො කෙල්ලන්ට පොලිටික්ස් අබිං වෙන්නෙ ඇයි?

April 17, 2017 | 3:00 pm    0   192

කොල්ලො කෙල්ලන්ට පොලිටික්ස් අබිං වෙන්නෙ ඇයි?

 

ජීවිතය යන්න පවත්නා දේශපාලන කොන්දේසි තුළ තවමත් නොවෙනස් ඛේදයක්මය යන්න මා මුලින් ඔබට සිහිපත් කරමි.
මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි ‘යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං හාල් මල්ල නොබලම දමාපිය’ යනුවෙන් සිංහල කියමනක් තිබේ. සමස්තයම පරිහාණියෙන් පරිහාණියට ගිය රටක තුරුණු දේශපාලනය පමණක් ඉතිරි වී තිබීම විය නොහැක්කක්ය යන්න සම්බන්ධයෙන් ඒ කියමන අදාළ වෙයි. දේශපාලනය බඩ රස්සාවක් බවට පත්ව ඇති, දේශපාලකයන් කියමින් අමු තක්කඩියන් තෝරා පත්කර ගැනීම සිය කාර්යය බවට පත්ව ඇති, රටකට අවශ්‍ය චින්තනමය වෙනසක් සඳහා මුලපිරුමට හැකි බුද්ධිමතුන් බිහිකිරීම වෙනුවට එහෙම පිටින්ම දැක්මකින් තොර, ආත්මාර්ථකාමී ජීවීන් තනනා අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ඇති, දේශප්‍රේමය වැසිකිළියේ තැටමීමේ සිට කෑම මේසයේ කට ගැස්ම දක්වා නොඅඩුව භාවිතා කරන, තමන්ගේ සියළුම ප්‍රශ්නවලට මුල අනෙකා බව සිතන සමාජයක, වෙනස් ආකාරයකට සිතන මිනිසුන් බිහි කිරීමම යනු අභියෝගයකි.

හැට හැත්තෑව සහ අසූව දශකයන්හී වාණිජ අතින් මෙන්ම කලාත්මක පාර්ශවයෙන්ද වැදගත් දේශපාලඥයින් ගණනාවක් බිහි කිරීමට සමත් වූ එහෙත් ඒ දැවැන්ත පෞරුෂයන්ගෙන් බොහොමයක් ඊළඟ පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමට අසමත්වූ රටක් ලෙස විපරිණාමයට පත් ලංකාවේ අනූවේ සිට අපට දවස් ගෙවුණේ දේශපාලනය යනු ඉඳහිට හතු පිපෙන්නාක් මෙන් තරුණ දේශපාලනඥයෙක් නිපදවෙන වටපිටාවකය. බණ්ඩාරනායක, ඇතුලත් මුදලි, සේනානායක වැනි මහත්මා දේශපාලනය පෝෂණය කළ දැවැන්තයන් මෙන්ම දීර්ඝ නම් ලැයිස්තුවක් සහිත වාණිජ දේශපාලඥයින්ද සිටි රටක දේශපාලනයේ පරිහාණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගල ආගමනයට පමණක් ලඝු කිරීම අද බොහෝ විට දක්නට ලැබෙතත් මේ ඊට වඩා පුළුල් විග්‍රහයක් අවශ්‍ය ක්ෂේත්‍රයකි.

රට තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද ඇතිවන ආර්ථික සාධක මෙහිලා සැලකිය යුතු බලපෑමක් කර ඇති අතරම රටෙහි මැතිවරණයෙන් මැතිවරණයට දැක්මක් නැති දේශපාලකයන්ට දියවන්නාවේ ආධිපත්‍යය හිමිවීම අර්බුදය ඛේදවාචකයක් බවට පත්කිරීමට හේතුවී ඇති බව පැහැදිළිය. මෙහිදී එක් පසෙකින් පෙර පරපුරේ දේශපාලඥයින් ක්ෂේත්‍රයෙන් පිටමංවීමත් දෙවන පරම්පරාවේ ප්‍රමුඛයන් දේශපාලන අත්තනෝමතිකත්වය සහ ජාතිවාදය විසින් දඬුකඳට දැක්කීමත්, හරවත් දේශපාලන විචාර සම්ප්‍රදාය අපට අහිමිවීමත්, තරුණ දේශපාලඥයින් නිපදවිය යුතුය යනුවෙන් මෙනූ පත් රැගත් ඒජන්තයන් දේශපාලනයෙහි විවිධ මර්මස්ථාන අරක් ගැනීමත් සමග එහි දෙවන පරපුරට සිදුවූයේ පෙරට ඒම පසෙකලා තම ආරක්ෂාව වෙනුවෙන් අරගල කරනා තැනකට පත්වීමටය.

දේශපාලනයේ පරිහාණිගත ගමන වඩාත් අර්බුදයට යන්නේ අපරීක්ෂාකාරී ලෙස නගරාන්තර බසයක් ධාවනය කරන්නාක් වැනි චණ්ඩින් දේශපාලනයට පිවිසීමත් සමඟය. විශේෂයෙන් යුද්ධය සමඟ දේශපාලනයේ වන වෙනසත්, බුද්ධිමය සංවාද වෙනුවට ආගමික ඇදහිල්ල සහ මිථ්‍යාව සිය ජීවන පැවැත්ම කරගත් පූජක පැලැන්තියක සීඝ්‍ර නැගී ඒමත්, අන් කවරදාටත් වැඩියෙන් නග්න ලෙස සිංහල බුද්ධාගම යයි හඳුන්වාගත් ජාතිවාදය සහ පාලක පංතිය සහවාසය ඇරඹීමත්, ඒ සමඟ එතෙක් තමන් සිටි ආස්ථාන වහවහා මාරු කරමින් අන් බොහෝ අය පරිදිම දේශපාලන ක්ෂේත්‍රයේ ද සැළකිය යුතු පිරිසක් ජාතිවාදයේ සරණ යාමත් නැරඹීම පසුගිය කාලයෙහි තරුණයාගේ දේශපාලන අත්දැකීම බවට පත්වීම මෙහි කූටප්‍රාප්තියයි. ආගම සහ පාලනය එකගෙයි කෑම ප්‍රසිද්ධියේ ඇරඹීමත් සමඟ ඇති වූ අවසන් බිඳවැටීම සනිටුහන් වන්නේ කොලාජ් චිත්‍ර මෙන් එහෙන් මෙහෙන් කෑලි පූට්ටු කල වෙසක් නාට්‍ය වැනි විගඩම් තිරය අරක් ගැනීමත් සාදුකාර දෙමින් නිවන්සුව සොයා යන අසපුවාදී මධ්‍යම පාංතික නඩයක් ප්‍රේක්ෂකයන් බවට පත්වීමත් මගිනි.

අප වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයෙහි තරුණ සිනමාකරුවන්ගේ ආගමනය සැලකිල්ලට ගැනීමේදී ඉහත පසුබිමද සිහිතබා ගැනීම වැදගත් වෙයි. පළමු පරපුරේ බොහෝ දායාදයන් පහස ලැබීමට පවා පසුබිමක් නැති, එසේම දිගින් දිගටම සිය සටන්කාමීත්වය නිසා බැට කෑමේ ඉරණමට ලක්කරන ලද දෙවන පරපුරක අත්දැකීම ඇති වත්මන් පරපුරට පය තබන්නට සිදුවන්නේම බරපතල සෝදාපාළුවකට ලක් කරන ලද ක්ෂේත්‍රයකටය. අපේ ආගමනය සිදුවන විට අපට පෙර පරම්පරාවේ දේශපාලනික සවිඥානකත්වයෙන් යුත් මහත්මාවරුන් අතළොස්ස සිටිනුයේ රට නිර්මාණයේ සිට එය ප්‍රදර්ශණය දක්වාම සියළු කුරුසයන්ට තනිවම කර දිය යුතු පසුබිමක අසීරු අරගලයක යෙදෙමිනි. ඉදින් නොවැළැක්විය හැකි ලෙසම වත්මන් තරුණ පරපුරේ උරුමය වන්නේද එයමය. මෙවන් තත්ත්වයකදී එකම මැතිවරණයකට මුහුණ නොදීමට සිය තරුණ කාලය සහ ජවය වැය කිරීමෙන් ඔවුන්ට ක්ෂේත්‍රයෙන් බැහැරවීමට සිදු වුවහොත් එයද පුදුමයක් නොවනු ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ වුව තරුණ පරපුර වන අප, අරගලය සිය ප්‍රකාශණ මාධ්‍යය කර ගැනීමට දරන තැත මහතැන්වල ඇගැයුමට ලක්විය යුතුය. දිගු කාලීනව දරන ලද වෙහෙසින් අනතුරුව අරගලයක් නිර්මාණය කරගැනීම සඳහා වන තම උත්සාහයේ පළමු අදියර ජයගෙන එය ප්‍රදර්ශණය කිරීමට අවස්ථාවක් නොමැතිව බලා ඉන්නා තරුණ අරගලකරුවන්ගේ පෝලිම දිගුවීම රටක දක්නට ලැබෙන බරපතල ඛේදවාචකයකි. ආගම, නක්ෂත්‍රය, ඇතුළු සියළු අගතීන්හී ගිලුණ ජීවිත, මිත්‍රත්වය පවා නොතකන ස්වාර්ථකාමී තාරුණ්‍යයක චලිතය, හුදු ගණුදෙනුවක් බවට පත් ආදරය යයි කියනා විකාර සහගත සබඳතාවන්, වාමාංශික කඳවුරෙහි වත්මන් රූපාන්තරණය, නූතන තාක්ෂණ මෙවලම් තුළ හරසුන්ව යන මානව බැඳීමෙන් බැදුණු අපේ පංතියට නැගීමට අසාර්ථක උත්සාහයක යෙදෙන, පා ඇඟිලි තුඩින් ඉස්සී ඉහළට එසවෙන මොහොතේම ලිස්සා යළි පතුලට වැටෙන පීඩිත තරුණ අපේ පරපුරේ ජීවිතය දුක්ඛදායකය. ජාතිවාදය, දේශප්‍රේමය මෙන්ම ආගමික අන්තවාදය ද කොට කොටා පොවන ස්ථාපිත මෙන්ම ගරිල්ලා සංස්ථාවන් ද බහුල සමයක ඒ සියල්ල මැදින් අතිශය ආත්මාර්ථකාමී පැවැත්මක් සඳහා පැටි වියේ පටන් නිවසේ සිට පාසල හරහා සරසවිය දක්වාම හැඩගස්වනු ලබන විකෘති අධ්‍යාපන ක්‍රමයක ද ගොදුරු බවට පත් තරුණ පරපුරකින් තම ජීවිතය තමනට දෙන ලද කණ්නාඩිය ඉවත හලා සැබෑ ලෙස ඒ දෙස බලන්නට පෙළඹෙන තරුණ දේශපාලඥයින් සීමිත පිරිසක් හෝ ඉදිරියට ආ යුතු ය.

පසුගිය වකවානුවේ චින්තන අච්චුවේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් ගලා යන කාසි නදියෙන් දෝතක් නොව මලු පුරවා ගැනීමට පවා අවස්ථාව තිබියදී, ඇතැම් මහත්මාවරුන් යයි කියනා දේශපාළුවන් අමු නිරුවතින් එහි බැස පිහිනද්දී අපේ සීමිත තරුණ අරගලකාමීන් ඒ අභියෝගයට මුහුණ දුන් ආකාරය ප්‍රශස්තය. එනයින් තරුණ අපේ ජීවිතවල ගැබ් වී ඇති කැඩි කැඩී ගලා යන රිද්මය අවබෝධ කරගැනීමට ඔවුන්ට කිසිදා නොහැකි වනු ඇත.

කෙතරම් පින්කෙතක් වුවද තවමත් මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඉතා ප්‍රබල ඉතිහාසයක් මෙන්ම සම්ප්‍රදායන්ද ඇතැයි උදම් අනන අප රටෙහි ‘නූතන’ සමාජයෙහි සිට දියුණු යයි සම්මත රටවලට මිස ඒ කිසිම රටක සිට මේ කරා සරණාගතයන් රැගත් වල්ලම් නොඑන වර්තමානයක මාලක බිඳ වැටුන ක්‍රමයක විවෘත ගොදුරක්ව උපතේ සිටම සිහින පසුපස ලුහුබඳින ඉරණම කර පටවා ගත් තරුණ ජීවිත හරහා සමාජය කියවීමේ ඇති නුහුරු බව මැකී යාමට තව වර්ෂ සිය ගණනක් පසු කරන්නට වනු ඇත.

කලංගි රොද්‍රිගෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: