කොලොන්නාවෙන් සහ මුතුරාජවෙලින් උදැසන සිට තෙල් බෙදාහරිනවා – හමුදා මධ්‍ය ප්‍රකාශක

July 26, 2017 | 7:33 am    0   129

කොලොන්නාවෙන් සහ මුතුරාජවෙලින් උදැසන සිට තෙල් බෙදාහරිනවා – හමුදා මධ්‍ය ප්‍රකාශක

කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල ආරක්ෂාව තහවුරුකර ඇති බැවින් අද (26) උදැසන සිට එම ස්ථාන වලින් තෙල් බෙදාහැරීම සිදු කරනු ඇති බව හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කරයි.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ඛණිජතෙල් බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බව සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ඉන් අනතුරුව අද (26) අලුයම යුද හමුදාව කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඇතුළුවී තිබේ. වර්ජනයට සහය දක්වමින් එම ස්ථානයේ රැඳී සිටි සේවකයින් එම ස්ථාන වලින් ඉවත්කර ඇති අතර, වර්ජනයට සහය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාවද මේ වනවිට තහවුරු කර ඇති බව හමුදා මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ජූලි 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කල වැඩ වර්ජනය නිසා ඊයේ (25) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් පැවතිණි. මේ අතර ඇතැම් ඉන්ධනහල් වසා දමා තිබුනේ ඒවායේ ඉන්ධන අවසන්වීම නිසාවෙනි.

ත්‍රිකුණාමලය – චීන වරාය තෙල් ටැංකි තෙල් ටැංකි සංකීර්ණය සහ හම්බන්තොට තෙල්ඛ ටැංකි සංකීර්ණය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවිකරනාය් කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛණිජ තෙල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.

වර්ජනය හේතුවෙන් ඊයේ (250 කොලොන්නාව, මුතුරාජවෙල සහ සපුගස්කන්ද තෙල් පර්යන්ත වලින් තෙල් නිකුත් කිරීමක් සිදු නොවුණි.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඛණිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන ගැසට් නිවෙධනය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ නිකුත්කර තිබේ.

ඛණිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු සේවකයින් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය හැරගිය ලෙස සලකනු ලබන බව රජය පවසයි.

කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් බෙදාහැරීම යත තත්වයට පත්කර ඇති බැවින් තෙල් බෙදාහරින බවුසර් වලට එම ස්ථාන වලට ලගාවන ලෙසද දැනුම්දීමක් සිදුකර ඇත.

හමුදාව විසින් වර්ජනයේ නියුතු සේවකයින් ඉවත්කළ පසු ඔවු කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටි.

කුමන බාධා පැමිණියද වර්ජනය ඉදිරියටත් පවත්වාගෙන යන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: