කොළඹ ආරක්ෂක සමුළුව අද ඇරඹේ

August 28, 2017 | 1:08 pm    0   482

කොළඹ ආරක්ෂක සමුළුව අද ඇරඹේ

කොළඹ ආරක්ෂක සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹදී ආරම්භ විය. ‘‘ ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීමේ ගෝලීය ප‍්‍රවණතා’’ යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.

විදේශීය හමුදා සහ සිවිල් විද්වතුන් 91කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය. විදෙස් විද්වතුන් 15 දෙනෙකු මෙහිදී දේශන පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වන සංඛ්‍යාව 800ක්.

අමෙරිකා එක්සත් ජනපදයේ විශ‍්‍රාමික අද්මිරාල් විලියම් ජේ. ෆැලෝන් මෙවර සමුළුවේ ප‍්‍රධාන දේශකයායි. 80 දශකයේ අගභාගයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සාම සාධක හමුදා අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ විශ‍්‍රාමික ජනරාල් අශෝක් මෙහෙතා ද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඊට සහභාගී වීමට නියමිතය.

සමුළුව සඳහා රටවල් 35ක් නියෝජනය කරමින් නියෝජිතයින් 200කට වැඩි පිරිසක් ද සහභාගී වනු ඇති. ඉන්දියාව කේන්ද්‍ර කරගත් විවිධ රටවල ආරක්ෂක දූත නිලධාරීන් විසි දෙදෙනෙකුද කොළඹ රාජකාරීන්හි නිරත ආරක්ෂක දූත නිලධාරීන් 10ක් ද සම්මන්ත‍්‍රණයට සහභාගී වනවා.

මෙම සමුළුව හෙට (29) දිනයේදීත් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: